නිර්මාංශ වීම සුදුසුද ?
Friday, 18 March 2022 - 13:23 | Views - 3,480
සමාජයේ බොහෝ දෙනෙක් වර්තමානය ඉතා වෙහෙසකර මෙන්ම කාර්යබහුල ලෙස ගෙවා දමනවා. යන්ත්‍ර සූත්‍ර මෙන් එකදිගට පැය ගණනාවක් පුරා එකම රාජකාරියේ යෙදීම තුළ නිරෝගී සම්පන්න භාවයත් ගිලිහී යනවා. ඒ කලට වෙලාවට ආහාර ගැනීම අතපසු කිරීමත් ආහාරයේ පෝෂ්‍ය පදාර්ථවල හීන වීමත් නිසාවෙන්. ඒ අතර නිර්මාංශ පිරිස්ද නැතුවාම නොවේ. නිර්මාංශ වීම හොඳද? එමගින් සිරුරට ලැබෙන වාසි මොනවාද? යන්න පහත ලිපියෙන් විමසා බැලීමට ඔබටත් හැකියාව ලැබෙනවා.

1) ශරීර බර පවත්වා ගෙන යාමට පහසුවකි. එසේම අධි තරබාරුව, ස්ථුලතාවෙන් පෙළෙන පුද්ගලයන්ට නම් නිර්මාංශ වීම තම අරමුණු කරා ළං වීමේ උපක්‍රමයකි.

2) දියවැඩියා රෝග තත්ත්වයෙන් මිදීමට ආරක්ෂිත ක්‍රමෝපායකි.

3) රුධිර පීඩනය පාලනය කිරීමට උපකාරී වෙයි.

4) හෘදය වස්තුවේ නිරෝගීතාව රැක දෙයි.

මේදය වැනි සංඝටක රහිත වීම හෘදයවස්තුවේ සෞඛ්‍යයට බෙහෙවින් හිතකර වෙයි.

5) ඇදුම වැනි රෝග ඉස්මතු වීමට ඉඩකඩ ලබා නොදෙයි.

6) පිළිකා අවදානම අවම කෙරෙන අතර බෝ නොවන රෝග අතර මුල් පෙළේ රෝගාබාධයක් ලෙස වැඩිම පිරිසක් වසරකට ගොදුරු කර ගන්නා පිළිකා රෝගය වැළඳීමේ සම්භාවිතාව අවම වී යයි.

7) නිදන්ගත රෝග පීඩාදිය අඩු කෙරෙයි.

සම්පූර්ණයෙන්ම නිර්මාංශ වීම සුදුසු යැයි ඉස්මතු නොකෙරෙන අතර මඟ හැරෙන පෝෂණ සංඝටකවල අවශ්‍යතාවත් සපුරා ගැනීම කළ යුතු වෙයි. එබැවින් විවිධ ආහාර හරහා ඒ පෝෂණ අවශ්‍යතාවත් ලබා ගැනීමට උනන්දු වන්න. 




(උපුටා ගැනීමකි) 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top