හුස්ම හිරවෙන අලුත්ම රෝගය ගැන ඔබ දැනුවත්ද ?
Friday, 18 March 2022 - 12:49 | Views - 1,045

මෙරට ජනගහනයෙන් සියයට 16කට ආසන්න පිරිසක් ''වරින්වර නිද්දේදී හුස්ම ගැනීම නතරවීමේ'' (Obstructive Sleep Apnea) රෝගී තත්ත්වයෙන් පෙළෙන බව පර්යේෂණයකින් හෙළි වී තිබෙනවා.
මෙම රෝග තත්ත්වය වැඩි වශයෙන් දැකිය හැකි වන්නේ නින්දෙන් ගොරවන පුද්ගලයන් අතර බව ත්, විශේෂයෙන් ස්ථූල ශරීර ඇති පුද්ගලයන් මේ රෝග තත්ත්වයට ගොදුරුවීම බහුල බවත් එම පර්යේෂණයේදී වැඩිදුරටත් හෙළි වී තිබෙනවා.
මෙම රෝග තත්ත්වයෙන් පෙළෙන්නන්ගේ ආශ්වාස හා ප්‍රාශ්වාස ක්‍රියාවලිය නිසි ලෙස සිදුනොවීම හේතුවෙන් ඔවුන් විවිධ රෝගාබාධවලට ගොදුරු වන බවත් ශ්‍රී ජයවර්ධනපුර වෛද්‍ය පීඨයේ කථිකාචාරිනි ශ්වසන රෝග විශේෂඥ වෛද්‍ය, චන්දිමානි උඳුගොඩගේ පවසනවා.
ඊයේ (18) දා යෙදෙන 'ලෝක නිදන දිනය' නිමිත්තෙන් කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමින් ඇය මෙම තොරතුරු අනාවරණය කළා.
මෙවර 'ලෝක නිදන දිනය' "සුව නින්දක් - සපිරි මනසක් - සතුටු ලොවක්" තේමාව යටතේ පවත්වනු ලැබුවා.
මාධ්‍ය හමුවේදී තවදුරටත් අදහස් දක්වමින් වෛද්‍ය උඳුගොඩගේ කියා සිටියේ මේ රෝගී තත්ත්වය හේතුවෙන් නින්ද මද වීම හා ශරීරයට ඔක්සිජන් ප්‍රමාණවත් ලෙස නොලැබීම නිසා ශ්වසන රෝග, ආඝාතය, ලිංගික දුබලතා, දියවැඩියාව වැනි රෝග තත්ත්ව ඇතිවිය හැකි බව යි.
නින්දේදී පැයකට පස්වතාවකට වඩා හුස්ම ගැනීම නවතී නම් එය මෙම රෝගයේ ලක්ෂණයක් බව නවීන වෛද්‍ය විද්‍යාත්මක ක්‍රම මගින් සොයාගෙන තිබෙන බවත් තවද මෙම ලක්ෂණ පවතින රෝගීන් සියලුදෙනා නින්දේදී මහත් සේ ගොරවන නමුත් ගොරවන සියලුදෙනාම පාහේ මෙම රෝගයෙන් පෙළෙන්නන් නොවන බව ත් පවසා සිටියා.
මෙකී රෝග තත්ත්වය වැඩිහිටියන් අතර බහුලව දක්නට ඇති නමුත් දැන් දැන් ළමයින් හා තරුණයන් අතර ද රෝග තත්ත්වය වාර්තා වන බව පැවසූ වෛද්‍යතුමිය උපතින්ම මේ තත්ත්වය පවතින දරුවන් ද හමුවී ඇති බවද සඳහන් කළා.
මෙම රෝග ලක්ෂණ පවතින අයෙක් වේ නම් ශ්වසන රෝග පිළිබඳ වෛද්‍යවරයෙකු හමුවී මෙම තත්ත්වයට ප්‍රතිකාර ලබා ගැනීම වඩාත් යෝග්‍ය බවද මෙහිදී වැඩිදුරටත් සඳහන් වුණා.
(උපුටා ගැනීමකි)
Share This Article