මංගල රාත්‍රීයේ නොයෙන ගමන් ගිය මනාලයා
Friday, 18 March 2022 - 12:19 | Views - 1,032

කොම්පඤ්ඤවීදිය ඩෝසන් පාරේ පැවැති විවාහ මංගල උත්සවයක් අතරතුර ඇති වු ආරවුලකින් මනාලයාගේ ගෙල කපා ඝාතනය කර ඇති බව පොලිසිය පවසනවා.
මෙම ඝාතනය සම්බන්ධයෙන් මනාලියගේ පළමු විවාහයේ සැමියා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ මොහාමඩ් ශ්‍යාබිඩීන් (51) නමැති පුද්ගලයකු වන අතර , ඔහු ත්‍රිරෝද රථ රියදුරෙක් වශයෙන් රැකියාව කර ඇති බවද පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.
මෙම පුද්ගලයා පසුගියදා සිය විවාහය ලියාපදිංචි කර රාත්‍රීයේ නිවසේ මංගල උත්සවය පවත්වා ඇති බවත්, මංගල උත්සවය පැවැත්වෙන අතරතුර රාත්‍රීයේ මනාලියගේ කලින් විවාහයේ සැමියා පැමිණ මනාලයා සමග ආරවුල් ඇති කරගෙන කඩදාසි කපන පිහි තලයකින් ඔහුගේ ගෙල කපා දමා ඇති බවටයි සඳහන්.
සිද්ධියෙන් බරපතල තුවාල ලැබු මනමාලයා කොළඹ ජාතික රෝහල වෙත රැගෙන යනවිටත් මියගොස් තිබූ බව වෛද්‍යවරුන් සඳහන් කර තිබෙන බවටයි වාර්තා වන්නේ.
සිද්ධියෙන් පසු සැකකරු පැනගොස් ඇති අතර ඊයේ (17) පෙරවරුවේ ඔහු කොම්පඤ්ඤවීදිය පොලිසියට බාර වීමෙන් පසුව අත්අඩංගුවට ගෙන තිබෙනවා. මනාලිය මොරටුව සොයිසාපුර ප්‍රදේශයේ පදිංචි (48) හැවිරිදි කාන්තාවක් බවත්, ඇයට පළමු විවාහයෙන් වැඩිමහල් දියණියක් ද සිටින බවත් පොලිසිය සිදුකළ විමර්ශන වලදී හෙළි වී තිබෙනවා.
ලංකාදීප
Share This Article