වලවේ ගඟ මායිමේ සිදුවුණු සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක්
Friday, 18 March 2022 - 9:55 | Views - 204
අම්බලන්තොට ප්‍රදේශයේ වලවේ ගඟේ මායිම් අසල සිදු කෙරෙන මහා පරිමාණ ගොඩවැලි කැපීමේ ස්ථාන සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් සිදු කරන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කළා.

එම වැලි කැපීමේ ස්ථාන සම්බන්ධයෙන් භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් සිදු කළ පරීක්ෂාව පිළිබඳ හිරු ප්‍රවෘත්ති වාර්තා කළේ මෙරට කිසිදු ජනමාධ්‍යයක් ඒ සම්බන්ධයෙන් වාර්තා කිරීමට අවධානයක් යොමු නොකළ පසුබිමකයි.

එම ස්ථානයට පැමිණි භූ විද්‍යා හා පතල් කාර්යාංශ නිලධාරීන් වැලි වලවල් 13ක් සහ දැනට අතහැර දමා ඇති පැරණි වැලි වලවල් ද නිරීක්ෂණය කළා.

මෙහි දී පරිසර හානියක් සිදු වන්නේ ද යන්න සම්බන්ධයෙන් නිලධාරීන් මෙතෙක් නිගමනයකට පැමිණ නැහැ.

එහි නිලධාරියෙකු කියා සිටියේ, මෙම පරීක්ෂාවේ අරමුණ පරිසර අමාත්‍යවරයාට වාර්තාවක් ලබාදීම බවයි.

මෙරට පරිසර සංවේදී පුවත් නොබියව සහ අපක්ෂපාතීව වාර්තා කළ අයුරින්ම මේ සම්බන්ධයෙන් ද හිරු ප්‍රවෘත්ති ඉදිරියේදී තොරතුරු වාර්තා කිරීමට සූදානමින් සිටිනවා.

ජනතා ගැටලු‍ හමුවේ එදත් අදත් නොබියව සහ පළමුව පෙරට පැමිණි අප, ජනතා සුබ සිද්ධිය වෙනුවෙන් ඉදිරියේදීත් කිසිදු අයුරකින් පසුබසින්නේ නැහැ.

පොදු ජනතාවට කිසියම් හෝ අසාධාරණයක් හෝ අවැඩක් සිදු වන්නේ නම්, ඒ සම්බන්ධයෙන් අන් සියල්ලන්ටම පෙර අප ඒ වෙනුවෙන් සටන් කිරීමට පෙරමුණ ගන්නා බව ජනතාවට අප සහතික වනවා. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top