දිවයින පුරා ගෑස් බෙදාහැරීම අද
Friday, 18 March 2022 - 9:23 | Views - 5,535
දිවයින පුරා ප්‍රදේශවලට ගෑස් බෙදා හැරීමේ කටයුතු අද සිදුකරන බව ලිට්රෝ සමාගම පවසනවා.

එම සමාගම සඳහන් කළේ දිනකට ගෘහස්ථ ගෑස් සිලින්ඩර 120,000ක් පමණ වෙළඳපොලට නිකුත් කිරීමට සැලසුම් කර ඇති බවයි.

ඒ අනුව ඉදිරි දින කිහිපය තුල පවතින ගෑස් හිඟ තත්වය ක්‍රමයෙන් පහව යනු ඇති.

කොළඹ වරායට ආසන්න මුහුදේ නැංගුරම්ලා තිබූ නෞකාවේ අන්තර්ගත ගෑස් මෙටි්‍රක් ටොන් 3500ක තොගයක ගොඩබෑමේ කටයුතු ඊයේ පස්වරුවේ ආරම්භ කෙරුණා.

ඒ ගෑස් ආනයනය කළ ඕමාන් සමාගමට ගෙවිය යුතු අමෙරිකානු ඩොලර් මිලියන 8ක මුදල ගෙවීමට රජය පියවර ගැනීමත් සමගයි.

කෙසේ වෙතත්, ගෑස් නොමැතිව ඊයේ දිනයේත් ජනතාව අපහසුතාවයට පත්ව සිටි අතර දිවයින පුරා ගෑස් අලෙවිසැල් ඉදිරිපිට දිගු පෝලිම් නිරීක්ෂණය වුණා.

ගෑස් නො මැති වීමත් සමඟ ජනතාව භූමිතෙල් ලබාගැනීම සඳහා පිරවුම්හල් වෙත පැමිණීම නිසා පිරවුම්හල් ආශ්‍රිතව භූමිතෙල් පෝලිම්ද පැවති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

මේ අතර, ඉන්ධන හල් ආශ්‍රිතව පවතින තදබදය ඉදිරි දින 2 තුල පහව යනු ඇති බව ලංකා ඉන්ධන බෙදුම්කරුවන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති ෂෙල්ටන් ප්‍රනාන්දු හිරු ප්‍රවෘත්තී අංශයට කියා සිටියේ, මුතුරාජවෙල ඉන්ධන පර්යන්තයේ පවතින බවුසර් තදබදය හේතුවෙන් පිරවුම් හල් වෙත ඉන්ධන බෙදා හැරීම ප්‍රමාදවීමත් සමග මේ දින වල පිරවුම්හල් තුල ඉන්ධන හිඟයක් පවතින බවයි.

මුතුරාජවෙල සහ කොලොන්නාව මධ්‍යම ඉන්ධන පර්යන්තවල සිට දිවයින පුරා පිරවුම්හල් වෙත ඉන්ධන බෙදාහැරීම සිදු කරන අතර මෙවර මුතුරාජවෙල ඉන්ධන පර්යන්තයට පමණක් ඉන්ධන තොග සැපයීම හේතුවෙන් මෙම බවුසර් තදබදය හටගෙන ඇති බව ඔහු ප්‍රකාශ කළා.

එසේම, ඉන්දීය ණය ආධාර යටතේ ලැබෙන පළමු ඩීසල් තොගය ලබන ඉරිදා පස්වරුවේ දිවයිනට ලැබීමට නියමිතයි.

ඩීසල් මෙටි්‍රක් ටොන් 40,000කට ආසන්න තොගයක් එලෙස ලැබීමට නියමිතව ඇති බව බලශක්ති අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් අසල ඊයේ දිනයේත් රාත්‍රිය දක්වාම දිගු පෝලිම් පැවති බවයි හිරු වාර්තාකරුවන් සඳහන් කළේ.

මේ අතර බලාගාරවලට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණවත් නොවීම හේතුවෙන් අදත් දිවයිනේ ප්‍රදේශ රැසකට විදුලිය කප්පාදු කිරීමට සිදුවන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

එම මණ්ඩලය සඳහන් කළේ ඒ අනුව පී සිට ඩබ්ලිව් දක්වා වන කලාපවලට උදෑසන 9ත් සවස 5ත් අතර කාලයේ දී පැය 2ක් සහ සවස 5ත් රාත්‍රී 10ත් අතර පැයක කාලයක් විදුලිය කප්පාදු කරන බවයි.

එමෙන්ම, ඒ සිට එල් දක්වා වන කලාප වලට උදෑසන 8ත් සවස 6ත් අතර කාලයේ දී පැය 3යි මිනිත්තු 20ක්ද සවස 6ත් රාත්‍රී 11ත් අතර පැයයි මිනිත්තු 40ක් ද විදුලිය කප්පාදු කිරීමට මහජන උපයෝගීතා කොමිසන් සභාව අනුමැතිය ලබා දී තිබෙනවා.

එමෙන්ම කැස්බෑව ඉන්ධන පිරවුම්හලේ පෙරේ දා රාත්‍රියේ ඇතිවූ ගැටුම් සම්බන්ධයෙන් කාන්තාවන් දෙදෙනෙකු ඇතුලු තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉන්ධන ලබාගැනීම සඳහා දිගු පෝලිමක් පැවති අවස්ථාවේ ඇතිවූ බහින්බස්වීමක් දුරදිගයාමෙන් ඉන්ධන පිරවුම්හලේ හිමිකරුට මෙලෙස පිරිසක් විසින් පහර දී තිබුණා. 

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top