පෞද්ගලික ටැංකි රථ හිමිකරුවන් - වර්ජනයට තිත තියයි
Wednesday, 16 March 2022 - 12:16 | Views - 10,653
ඛනිජ තෙල් ප්‍රවාහන පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය විසින් දියත් කර තිබූ වැඩ වර්ජනය අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

ඒ බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ සමඟ පැවැති සාකච්ඡාවකින් අනතුරුව යි.

ඩීසල් මිල වැඩිවීම සහ ඩොලරයේ රුපියල් අගය ඉහළ යාමත් සමග මතු වූ තත්ත්වය සැලකිල්ලට ගෙන 60% ක් ප්‍රවාහන ගාස්තු වැඩි කිරීමක් ඉල්ලමින් මෙම සංගමය විසින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ලිපියක් යොමු කළා.

එයට පිළිතුරු වශයෙන් ඛණිජ තෙල් සංස්ථාව කියා සිටියේ උපරිම වශයෙන් 17% ගාස්තු වැඩි කිරීමක් සිදුකළ හැකි බවයි.

මෙම යෝජනාවට එකඟ නොවූ පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය ඊයේ රාත්‍රියේ සිට ඛනිජ තෙල් ප්‍රවාහනයෙන් ඉවත් වුණා.

අද පෙරවරුවේ බලශක්ති අමාත්‍යවරයා සමඟ පැවැති සාකච්ඡාවේදී ඩීසල් වැඩිවීමේ ප්‍රවාහන ගාස්තු සංශෝධනය වහාම සිදු කිරීමටත්, රුපියල අවප්‍රමාණය වීම හේතුවෙන් සිදුවන හානිය අප්‍රේල් 01 වන දින සිට ප්‍රතිපූර්ණය කිරීමටත් පොරොන්දු වී තිබෙනවා.

මේ අනුව පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය විසින් දියත් කළ වැඩ වර්ජනය අත්හිටුවීමටයි ඔවුන් තීරණය කර ඇත්තේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top