ගෑස් අවුල හයිලෙවල් පාර අවහිර කරයි
Wednesday, 16 March 2022 - 10:02 | Views - 1,281

ගෑස් මිල දී ගනීමට පැමිණි පිරිසක් මේ වනවිට විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා.
ඒ අද (16) පෙරවරුවේ ගෑස් මිල දී ගැනීමට පැමිණි අවස්ථාවේ දී ගෑස් නොමැති වීම හේතුවෙන්.
හෝමාගම ප්‍රධාන බස් නැවතුම්පළ ඉදිරිපිට ගෑස් අලෙවි නියෝජිත ස්ථානයේ ගෑස් ලබා ගැනීම සඳහා අද අලුයම සිට රැඳී සිටි ජනතාවට වෙළෙඳසල් හිමිකරුවන් ගෑස් නොමැති බව පැවසීමත් සමඟ කුපිත වූ ජනතාව ගෑස් සිලින්ඩර් මාර්ගය හරහා තබා හයිලෙවල් මාර්ගය සම්පූර්ණයෙන්ම හරස්කොට විරෝධතාවයක නිරත වුණි .
එ හේතුවෙන් කොළඹ දෙසට සහ අවිස්සාවේල්ල දෙසට කිලෝමීටර් දෙකක් පමණ දැඩි රථවාහන තදබදයක් දක්නට ලැබුණි.
ඊට උරණ වූ රියදුරන් විරෝධතාකරුවන් සමග බහින්බස් වීමත් සමඟ උණුසුම් තත්ත්වයක් හට ගැනිණි .
මේ සඳහා පන් සීයකට ආසන්න පිරිසක් සහභාගී වී සිටියහ .
පසුව එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් සමඟ ද විරෝධතාකරුවන් වචන හුවමාරුවක පැටලුණු
එහිදී හෝමාගම කොට්ඨාස භාර සහකාර පොලිස් අධිකාරී පුෂ්පකුමාර මහතා පැමිණ ගෑස් ලබා දීමට බලධාරීන් සමග සාකච්ඡා කරන බවට පොරොන්දු වීමත් සමග මාර්ගය හරස් කොට තබා තිබූ ගෑස් සිලින්ඩරය ඉන් ඉවත් කොට විරෝධතාවය නිමා කළේය .
පැයක පමණ කාලයක් මෙම විරෝධතාවය පැවැතුණි .
Share This Article