සහල් රුපියල් 200 පනී ? - පාලන මිලක් දෙන්න
Wednesday, 16 March 2022 - 9:17 | Views - 1,361
සහල් සදහා පාලන මිලක් පැනවීමට රජය මගින් කටයුතු නො කලහොත් ඉදිරි සති කිහිපය තුල සහල් කිලෝවක මිල රුපියල් 200 සීමාව ඉක්මවිය හැකි බව සුලු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන්ගේ සංගමය පවසනවා.

එම සංගමය සඳහන් කළේ මහා පරිමාණ වී මෝල් හිමියන්ට සහ සහල් නිෂ්පාදකයින්ට වාසි සහගත වන ආකාරයෙන් රජය ක්‍රියා කිරීම හේතුවෙන් මෙම තත්ත්වය හටගෙන ඇති බවයි.

මේ අතර පවතින තත්වයන් හමුවේ සහල් ඇසුරුම් කිරීමට යොදා ගන්නා උරයක මිල රුපියල් 35කින් ඉහළ නැංවීමට පොලිසැක් බෑග් හෙවත් සහල් උර නිෂ්පාදකයන් තීරණය කර තිබෙනවා.

එම නිෂ්පාකයන් පෙන්වා දෙන්නේ රට තුල පවතින ඩොලර් අර්බුදය සහ යුක්‍රේන - රුසියා යුද්ධයත් සමග අමුද්‍රව්‍ය මිල ගණන් ඉහළ යාම හේතුවෙන් මෙම මිල ඉහළ නැංවීම සිදු කරන බවයි.

මේ සමග ඉදිරියේ දී සහල් මිල තවදුරටත් ඉහළ යා හැකි හැකි බවට යි වාර්තා පළ වන්නේ.

එමෙන්ම පවතින තත්ත්වය හමුවේ සහල් සඳහා පාලන මිලක් පැනවීමේ දැඩි අවශ්‍යතාවයක් පවතින බව සහල් ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

එහි නියෝජිත එම්.එස්.එම් ශානීර් සඳහන් කළේ, පවතින ඩොලර් අර්බුදය හමුවේ ඉහළ යන සහල් මිල පාලනය සඳහා එම පියවර ගත යුතු බවයි.

දඹුල්ල ප්‍රදේශයේ ඊයේ පැවති මාධ්‍ය හමුවක දී අදහස් දැක්වූ සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන්ගේ සංගමයේ සභාපති නිශාන්ත බණ්ඩාර සහ එහි නියෝජිත බුද්ධදාස අබේකීර්ති ද සඳහන් කළේ සහල් සඳහා පාලන මිලක් පැනවීමට රජය වහා කටයුතු කළ යුතු බව යි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top