පෞද්ගලික ටැංකි රථ හිමිකරුවන් - ඉන්ධන බෙදීමෙන් ඉවත් වෙයි
Wednesday, 16 March 2022 - 8:18 | Views - 798
රවාහන ගාස්තු ඉහළ නො දැමීමට විරෝධය පළ කරමින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන බෙදාහැරීමේ කටයුතුවලින් ඉවත්වූ බව ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය පවසනවා.

එහි සමලේකම් ශාන්ත සිල්වා කියා සිටියේ, ප්‍රවාහන ගාස්තු සියයට 60කින් ඉහළ දැමිය යුතු බවට ඉල්ලීමක් කර තිබියදීත් බලධාරීන් සියයට 17කින් ප්‍රවාහන ගාස්තු ඉහළ දැමීමට යෝජනා කිරීම හේතුවෙන් මෙලෙස ඉන්ධන බෙදාහැරීමේ කටයුතුවලින් ඉවත්වූ බවයි.

මේ අතර ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති කුමාර රාජපක්ෂ සඳහන් කළේ, බූලි සඳහා ඩීසල් ලබා නො දෙන ලෙසට සංස්ථාවෙන් තමන් වෙත දැනුම්දී ඇති බවයි.

මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය බලශක්ති අමාත්‍යාංශයෙන් විමසීමක් කළ අතර, එහි ලේකම් කේ.ඩී.ආර්. ඔල්ගා කියා සිටියේ අමාත්‍යාංශ මට්ටමින් එලෙස දැනුම්දීමක් සිදු කර නො මැති බවයි.

එමෙන්ම බැරල් වලට සහ බූලි වලට පිරවුම්හල් වලින් ඉන්ධන නිකුත් කිරීම තහනම් කර ඇති බවට පල වන වාර්තා අසත්‍ය බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.

එහි සභාපති සුමිත් විජේසිංහ කියා සිටියේ විශාල ප්‍රමාණයේ බැරල්වලින් ආයතන වෙත ඉන්ධන නිකුත් කිරීමේ දී පෝලිමේ පවතින වාහනවල පුද්ගලයන් අපහසුතාවයට පත් නො වන ලෙස කටයුතු කරන්නැ යි පිරවුම්හල් වෙත දැනුම් දුන් බවයි.

එමෙන්ම විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන නො මැති වීම හේතුවෙන් පී සිට ඩබ්ලිව් දක්වා කලාප අටකට පෙරවරු 8යි 30 සිට පස්වරු 5යි 30 දක්වා පැය 3ක කාලයක් සහ පස්වරු 5යි 30 සිට රාත්‍රි 11 දක්වා පැය 2යි මිනිත්තු 30 කාලයක් විදුලිය විසන්ධි කෙරෙනු ඇති.

එමෙන්ම ඒ සිට එල් දක්වා කලාප සඳහා පෙරවඑර 8 සිට පස්වරු 6 දක්වා පැය 2යි මිනිත්තු 30 කාලයක් සහ පස්වරු 6 සිට රාත්‍රි 11 දක්වා පැය 2යි කාලයක් විදුලිය විසන්ධි කෙරෙන බවයි ලංකා විදුලිබල මණ්ඩලය ඊයේ ප්‍රකාශ කළා. 


 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top