ඩොලරය තවත් ඉහළට
Monday, 14 March 2022 - 14:11 | Views - 3,362
මෙරට ප්‍රමුඛතම වාණිජ බැංකු කිහිපයක් ඔවුන්ගේ වෙබ් අඩවිවල ඩොලරයක විකුණුම් මිල රුපියල් 265ක් ලෙස අද දක්වා තිබුණා.
කෙසේ වෙතත් අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල වැඩි අගයකින් පා කිරීමට ශ්‍රී ලංකා මහබැංකුව පසුගිය 07 වනදා තීරණය කළා.
ගෙවුණු මාස කිහිපයේ ශ්‍රී ලංකාවේ නිර්මාණය වූ ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී ලංකා මහ බැංකුව අමෙරිකානු ඩොලරයක මෙරට විකුණුම් මිල රුපියල් 202.99 ක අගයක පවත්වා ගෙන ගියද , අවිධිමත් ක්‍රමවේද හරහා ඩොලරය බොහෝසෙයින් ඉහළ වටිනාකම්වලට හුවමාරු වී තිබුණා.
Share This Article