චිලියේ මීළඟ ජනාධිපතිවරයා වන 36 හැවිරිදි ගේබ්‍රියෙල් බෝරික් පසුගිය සිකුරාදා සිය ධුරයේ වැඩ භාර ගත්තා. ඔහු චිලියේ මෙතෙක් සිටි ලාබාලතම ජනාධිපතිවරයා පමණක් නොව, 1973 කුමන්ත්රණයෙන් සමාජවාදී සැල්වදෝර් ඇලෙන්ඩේ බලයෙන් පහකර දශක ගනනාවක් තිස්සේ ආඥාදායකත්වයක් ගෙන ඒමෙන් පසු එහි වඩාත්ම වාම නැඹුරුව ද වනු ඇති. බොරික් බලයට පත්වන්නේ චිලියේ දැවැන්ත වෙනසක් සිදුවෙමින් පවතින අවස්ථාවක, හිඩැස් ඇති අසමානතාවය වසා දැමීමේ ඉල්ලීම් වලට මුහුන දෙමින්. ඒ සමඟම රට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා කටයුතු කරමින් සිටිනවා.
තවත් විශේෂයක් තමයි පළමු වතාවට, ඔවුන්ගේ කැබිනට් මණ්ඩලයේ පිරිමින්ට වඩා කාන්තාවන් වැඩියි, තවද ඔහු ස්ත්‍රීවාදී රජයකට නායකත්වය දෙන බව නිවේදනය කළා. ඉතින් මේ ව්‍යාපෘතියට තමන් එක්ක එකතු වෙන්න කියලා ඔහු සියලුම පිරිමින්ට ආරාධනාවක් කළා. තවද, ඔහුගේ නව කාන්තා ඇමතිනිය සියලු වැදගත් තීරණ ගන්නා ස්ථානය වන දේශපාලන කමිටුවේ කොටසක් වනු ඇති.

