ඖෂධ හිඟයක් - අවදානම ගැන ජනතාව දැනුවත් කරන්න ඉල්ලීමක්
Monday, 14 March 2022 - 10:57 | Views - 891
ඖෂධ හිඟයක් ඇතිවීමේ අවදානම පිළිබඳව ජනතාව දැනුවත් කරන ලෙස වෛද්‍ය සහ සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානය ඖෂධ නිෂ්පාදන, සැපයුම් සහ බෙදාහැරීම් පිළිබඳ රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමනගෙන් ඉල්ලීමක් කරනවා.

රාජ්‍ය අමාත්‍යවරයා වෙත ලිපියක් යොමු කරන ඔවුන් සඳහන් කළේ, රාජ්‍ය අංශයේ සහ පෞද්ගලික අංශයේ දැනට පවතින ඖෂධ සැපයුම සහ බෙදාහැරීම සම්බන්ධයෙන් මාධ්‍ය සහ වෘත්තිය සමිති ඉදිරිපත් කර ඇති තොරතුරු අනුව ඉදිරි කාලයේ දී ඖෂධ හිඟයක් ඇතිවිය හැකි බවයි.

ඇතැම් පුද්ගලයින් ඖෂධ විශාල වශයෙන් ගබඩා කරගැනීම ආරම්භ කර ඇති අතර, මෙම තත්ත්වය හමුවේ මුදල් නො මැති දුප්පත් පුද්ගලයින්ට ඉදිරි කාලයේ දී සිය රෝගාබාධ තත්ත්වයන් සඳහා අත්‍යවශ්‍ය ඖෂධ හිඟයක් ඇතිවීමේ දැඩි අවදානමක් පවතින බව එම සමිති සන්ධානය අවධාරණය කරනවා.

මෙම තත්ත්වය සැළකිල්ලට ගෙන පවතින ඖෂධ තොග රාජ්‍ය හා පෞද්ගලික අංශය තුළ සමාන ලෙස ජනතාවට ලබාගත හැකි අන්දමට බෙදියාමේ වැඩපිළිවෙලක් සකස් කර දෙන ලෙසයි ඔවුන් රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමනගෙන් ඉල්ලා සිටින්නේ. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top