ජීවන වියදම ඉහළට - ජනතාව පාරට (Photos)
Monday, 14 March 2022 - 10:38 | Views - 383
ඉන්ධන මිල වැඩි කිරිම සහ ජිවන වියදම ඉහළ යාමට විරෝධය පාමින් ගිනිගත්හේන ප්රදේශයේ දි ගම්වාසින් පිරිසක් උද්ඝෝෂණයක නිරත වී තිබෙනවා.වැඩි කළ ඉන්ධන මිලට සහ ජිවන වියදම ඉහළ යාමට විරෝධය පාමිනු යි ගිනිගත්හේන රංජුරාව ප්රදේශයේ පදිංචිකරුවන් පිරිසක් (13) දින මෙසේඋද්ඝෝෂණයක නිරත වී ඇත්තේ.ඔවුන් ඩීසල් බූලි අතැති ව විරෝධතා පුවරු ප්රදර්ශනය කරමින් උදඝෝෂණයේ නිරත වී ඇති බව වාර්තා වනවා.උද්ඝෝෂණයේ නිරත ව සිටි පිරිස කියා සිටියේ, ඉන්ධන මිල වැඩි කිරිම හමුවේ දෛනික ආදායමක් සොයාගෙන ජිවත් වු ජනතාවට ජිවන බර ඉහළ යාම නිසා දැඩි පිඩාවකට පත් වී සිටින බවයි.



Share This Article