ඉන්ධන මිල වැඩිවෙයි ? ලීටරයකට රුපියල් 120 ක් පාඩුයි
Monday, 14 March 2022 - 10:18 | Views - 16,652
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඩීසල් ලීටරයකින් රුපියල් 120 ක අලාභයක් ලැබුවද ඉන්ධන මිල වැඩි කළේ රුපියල් 55 කින් පමණක් බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.
පසුගියදා සිදුකළ ඉන්ධන මිල වැඩි කිරීමෙන් පෙට්ට්රල් හා සුපරි ඩීසල්වලින් ලබන පාඩුව පමණක් පියවා ගැනීමට හැකි වූ බවයි සංස්ථාව වැඩිදුරටත් සඳහන් කළේ.
නමුත් ඩීසල්වලින් ලබන පාඩුව පියවා ගැනීමට නම් ලීටරයක් රුපියල් 120 කින් මිල ඉහළ නැංවීමක් සිදුකළ යුතු බවටයි සඳහන් වුණේ.
කෙසේ වෙතත් මේ වන විට සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හළක ඔක්ටේන් 92 වර්ගයේ පෙට්රල් ලීටරයක් රුපියල් 254කටද, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්රල් ලීටරයක් රුපියල් 284කට ද ,ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 176කට ද, සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 254කට ලෙස ද නව මිල ගණන් යටතේ අලෙවි කරනු ලබනවා.
එසේම IOC ඉන්ධන පෙට්රල් ලීටරයක් රුපියල් 254කට ද , ඩීසල් ලීටරයක් රුපියල් 214කට ද නව මිල ගණන් යටතේ අලෙවි කරනු ලබනවා.
Share This Article