ඊබේ ජාත්‍යන්තර වෙළෙඳ සේවාව - රුසියානු ලිපිනයන්ට ගනුදෙනු අත්හිටුවයි
Monday, 14 March 2022 - 9:35 | Views - 755

රුසියාවට එරෙහි ජාත්‍යන්තර සම්බාධක තවදුරටත් ක්‍රියාත්මක වන අතර (ebay) ඊබේ ජාත්‍යන්තර වෙළෙඳ සේවාව සඳහන් කළේ තම වෙබ් අඩවිය ඔස්සේ යොමු කෙරෙන රුසියානු ලිපිනයන්ට සම්බන්ධ සියලු ගනුදෙනු අත්හිටුවන බවයි.
මෙලෙස රුසියානු ආක්‍රමණය හේතුවෙන් බහුජාතික සමාගම් 50කට අධික ප්‍රමාණයක් රුසියාවට එරෙහිව මේ දක්වා සම්බාධක පනවා තිබෙනවා.
බටහිර සම්පාදක හේතුවෙන් දැඩි අපගමනයකට ලක්ව ඇති රුසියානු කොටස් වෙළෙඳපොලද ඉදිරි සතියේ ගනුදෙනු සඳහා විවෘත නොකිරීමට රුසියානු මහබැංකුව තීරණය කර තිබෙනවා.
මේ අතර බ්‍රසීල ජාතික සුප්‍රකට කතුවරයෙකු වන පෝලෝ කොයොලොඩී සුසා කියා සිටියේ යුක්රේන අක්‍රමණය රුසියාවට එරෙහි භීතිකාවක් ප්‍රචලිත කිරීමට ඇතැමුන් යොදා ගන්නා බවයි.
ඔහුගේ මෙම ප්‍රකාශය දැනටමත් දැඩි විවේචනයකට ලක්ව තිබෙනවා.
කෙසේ නමුත් ඔහු කියා සිටියේ රුසියාවේ මොස්කව් නුවර සිට ව්ලැඩ්වෝස්ටෝර්ක් දක්වා කිලෝමීටර දසදහසක් සංචාරය කර ඇති තමා රුසියානු ජනතාව ගැන දන්නා අතර යුද්ධය පිළිබඳ ඔවුන්ට චෝදනා කළ නොහැකි බවයි.
එවන් පසුබිමක රුසියාවේ යුක්රේන ආක්‍රමණයට විරෝධය පළ කරන රුසියානුවන් දෙලක්ෂයකට ආසන්න පිරිසක් මේ වනවිට රට හැර ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
රුසියානු ආර්ථීක විද්‍යාඥයින් මෙම තත්ත්වය පෙන්වා දෙන්නේ දැවැන්ත බුද්ධිගලනයක් ලෙසයි.
මෙලෙස රුසියාව හැර යන 25,000කට අධික පිරිසක් ජෝර්ජියාවට පැමිණ ඇති අතර ටිබිලීසි අගනුවර නවාතැන් පහසුකම් සපයා ගැනීම ඔවුන්ට දුෂ්කර වී ඇති බව ද සඳහන්.
Share This Article