අදත් විදුලි කප්පාදුවක්
Monday, 14 March 2022 - 7:07 | Views - 1,898
අද දිනයේදීත් (14) විදුලි කප්පාදුවක් සිදු කිරීම සඳහා මහජන උපයෝගීතා කොමිසම විදුලිබල මණ්ඩලයට අවසර ලබාදී තිබෙනවා.
ඒ අනුව P,Q,R,S,T,U,V,W යන කලාපවලට උදෑසන 9 සිට පස්වරු 5 දක්වා කාලය තුල පැය දෙකක් සහ පස්වරු 5 සිට රාත්රී 9 දක්වා කාලය තුල පැයක් වශයෙන් පැය 3ක කාලයක් විදුලි කප්පාදුව සිදුවනු ඇති.
A,B,C,D,E,F,G,H යන කලාපවලට පැය 3යි විනාඩි 45ක කාලයක් විදුලි කප්පාදුවක් සිදු කෙරෙනවා.
ඒ උදෑසන 8 සිට සවස 6 දක්වා කාලය තුල පැය දෙක හමාරක් වශයෙන් සහ සවස 6 සිට රාත්රී 11 දක්වා කාලය තුල පැයයි විනාඩි 15ක් වශයෙන්.
Share This Article