ශිෂ්‍යත්ව ප්‍රතිඵල මෙතැනින් (Video)
Monday, 14 March 2022 - 6:55 | Views - 450
2021 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් වී තිබෙනවා.

ඒ අනුව ඔබට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk වෙත පිවිසීමෙන් මෙම ප්‍රතිඵල ලබාගත හැකියි.

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ඊයේ (12) රාත්‍රිය වනවිට නිකුත් කරන ලෙස නියෝග කිරීමට බලාපොරොත්තු වන බවයි අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ගාල්ල - පිටිගල ප්‍රදේශයේ ඊයේ පැවති උත්සවයකට එක්වෙමින් කියා සිටියේ.

පසුගිය ජනවාරි 22 වැනිදා පැවති 2021 - පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සඳහා අපේක්ෂකයින් 340,508 දෙනෙකු විභාග මධ්‍යස්ථාන 2,943කදී පෙනී සිටියා.

එමෙන්ම මෙවර කිසිදු අයුරකින් ශිෂ්‍යත්ව විභාගයේ දිස්ත්‍රික් හෝ දිවයිනෙන් තරාතිරම නොබලන බව ද විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

ප්‍රතිඵල නිකුත් කිරීමේ දී අපේක්ෂකයා ලබාගත් මුළු ලකුණු සංඛ්‍යාව දිස්ත්‍රික්කය හා මාධ්‍යය අනුව අදාළ කඩයිම් ලකුණු සමග සඳහන් කෙරෙනු ඇති.

එමෙන්ම අදාළ ප්‍රතිඵල සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා ක්ෂණික දූරකථන ඇමතුම් අංකයක් ලෙස 1911 හඳුන්වා දී තිබෙනවා.

තව ද, පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාවේ දූරකථන අංක ලෙස 011-2784208 / 0112784537 / 011-2786616 සහ 011-3140314 යන අංක ද ලබා දී ඇති බවයි විභාග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

ඒ ඒ දිස්ත්‍රික්වලට අදාළ කඩයිම් ලකුණු පහත පරිදි වේ

කොළඹ
ගම්පහ
කළුතර
මහනුවර
මාතලේ
ගාල්ල
මාතර
කුරුණෑගල
කෑගල්ල යන දිස්ත්‍රික්වල කඩඉම් ලකුණ 152යි

රත්නපුර
හම්බන්තොට
යාපනය
කිලිනොච්චි
මන්නාරම යන දිස්ත්‍රික්වල කඩඉම් ලකුණ 148යි

පුත්තලම
අනුරාධපුර
පොළොන්නරුව
බදුල්ල
මොනරාගල යන දිස්ත්‍රික්වල කඩඉම් ලකුණ 146යි


ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය මෙතැනින්.  



Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top