චීනයේ දෛනික කොරෝනා ආසාදිත සංඛ්‍යාව වසර දෙකකින් ඉහළම අගය සළකුණු කරමින් 3,393 ක් ලෙස සටහන් වී තිබෙනවා.
එරට ජාතික සෞඛ්‍ය කොමිසම සඳහන් කළේ ගතවූ පැය 24 තුළ එම සංඛ්‍යාව වාර්තාවූ බවයි.
විශේෂයෙන් ඊසාන දිග චීනයේ නගර කිහිපයක් කේන්ද්‍ර කරගනිමින් පැතිරෙන නව කොරෝනා රැල්ල හේතුවන් ෂැංහයි නුවර පාසල් වසා දැමීමටද පියවර ගැනුණා.
ජිලින් නුවර පාර්ශ්වීය වශයෙන් වසා දමා ඇති අතර, ඒ ආසන්නයේ ප්‍රදේශ කිහිපයකටම සංචරණ සීමාවන් පනවා ඇති බව සඳහන්.
කොරෝනා වෛරසය මුලින් ම සොයා ගැනුණු චීනයේ එම වෛරසය ව්‍යාප්ත වීම බොහෝදුරට පාලනය කළ ද, මෙලෙස නව කොරෝනා රැල්ලක් පැනනැගීම හේතුවෙන් පරීක්ෂාවන් ඉහළ නැංවීමට ද පියවර ගෙන තිබෙනවා.