රට තුළ ඩෙංගු අවදානම ඉදිරියේදී තවදුරටත් ඉහළ යා හැකි බව සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන් පෙන්වා දෙනවා.
දිවයින පුරා සිදු කළ කීට විද්‍යා සමීක්ෂණ අනුව මදුරුවන් බෝවිය හැකි මදුරුජනන ස්ථාන විශාල ප්‍රමාණයක හමු වී ඇති බවයි, සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන්ගේ සංවිධානයේ ජාතික සංවිධායක දිස්නක දිසානායක සඳහන් කළේ.
ඒ අනුව ඉදිරියේ දී ඇති වන වර්ෂාපතනය හේතුවෙන් මෙරට තුළ මදුරු ඝණත්වය වැඩි විය හැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ.