මිල ඉහළ ගියත් ඉන්ධන සහ ගෑස් තවමත් හිඟයි
Sunday, 13 March 2022 - 13:04 | Views - 886
මිල ඉහළ දැමුව ද ඉන්ධන සහ ගෑස් සැපයුම වෙළඳපොල තුළ තවදුරටත් අඩාල වී තිබෙනවා.

බොහෝ ඉන්ධන පිරවුම්හල්වල ඩීසල් ලබාගැනීම සඳහා ජනතාව පෝලිම්වල රැඳී සිටින අයුරු ඊයේත් (12) අදත් නිරීක්ෂණය කළ බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

තෙල් සංස්ථාව පවසන්නේ ඩීසල් සැපයුම යථා තත්වයට පත් කිරීමට තවත් දින දෙකක පමණ කාලයක් ගතවනු ඇති බවයි.

මේ අතර ගෑස් බෙදාහැරීම මීට දින දෙකකට ඉහතදී ලිට්රෝ සමාගම විසින් යළි ආරම්භ කළ ද තවමත් වෙළඳපොල තුළ ඉල්ලුමට සරිලන සැපයුමක් නොමැති බවයි පාරිභෝගිකයන් පෙන්වා දෙන්නේ.

බොහෝ ගෑස් අලෙවිසැල් තවදුරටත් වසා දමා ඇති ආකාරය නිරීක්ෂණය වනවා.

විවෘත කර ඇති ගෑස් අලෙවිසැල් අසළ දිගු පෝලිම් ඊයේත් අදත් දක්නට ලැබුණා.

එමෙන්ම පාරිභෝගිකයන් පෙන්වා දෙන්නේ ගෑස් අලෙවිසැල් හිමියන් වැඩි මුදලක් අය කරමින් ගෑස් අලෙවි කරන බවයි.

ඇතැම් ගෑස් අලෙවිසැල්වල ලිට්රෝ ගෑස් 12.05 සිලින්ඩරයක් රුපියල් 3,400ක පමණ මිලකට අලෙවි වන අතර, ලාෆ් ගෑස් සිලින්ඩරයක් අලෙවි වන්නේ රුපියල් 4,200 ක පමණ මිලකටයි.

කෙසේ වෙතත් ගෑස් මිල ඉහළ නැංවීම සම්බන්ධයෙන් මෙතෙක් නිල තීරණයක් ප්‍රකාශයට පත් කර නැහැ.

එවන් පසුබිමක ගෑස් හිඟවීම සහ වැඩිමිලට අලෙවි කිරීම සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය, පාරිභෝගික අධිකාරියෙන් විමසීමක් කළා.

එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේ මේ වනවිටත් වැඩිමිලට අලෙවි කිරීම සම්බන්ධයෙන් වෙළඳපොල වැටලීම් ආරම්භ කර ඇති බවයි.

මේ අතර, එළඹෙන සතියේ විදුලි කප්පාදුවක් සිදුකරන ආකාරය මහජන උපයෝගීතා කොමිසන් සභාව මගින් තවමත් ප්‍රකාශයට පත් කර නැහැ.

කෙසේ වෙතත්, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසන්නේ විදුලි උත්පාදනය සඳහා තාප බලාගාරවලට අවශ්‍ය ඉන්ධන මුදාහැරීම පසුගිය සතියේ සිට ආරම්භ කළ බවයි.

දිවයිනට ළඟාවූ දැවි තෙල් නෞකාවේ අඩංගු දැවිතෙල් ගොඩබෑම අද සිට ආරම්භ කරන බව තෙල් සංස්ථාව වැඩිදුරටත් ප්‍රකාශ කළා.

එමෙන්ම බස් ගාස්තු ඉහළ නැංවීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා සහ ප්‍රවාහන අමාත්‍යවරයා අතර සාකච්ඡාවක් අද (13) පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.

ඉන් අනතුරුව ප්‍රවාහන අමාත්‍යවරයා හෙට (14) පෙරවරුවේ බස් සංගම් හමුවන අතර මෙම සාකච්ඡාවලදි එළඹෙන නිගමන කැබිනට් මණ්ඩලයට යොමු කිරීමටද නියමිතව තිබෙනවා.

ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්ෂව බස් ගාස්තු සංශෝධනයක් සිදුවන්නේ ද, ඉන්ධන සහනාධාරයක් ලබාදෙන්නේ ද යන්න පිළිබඳව තීරණය කෙරෙන්නේ හෙට කැබිනට් මණ්ඩලයේ දී එළඹෙන එකඟතාවට අනුවයි. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top