අත්‍යවශ්‍ය ඖෂධ රැසක මිලත් ඉහළට ?
Friday, 11 March 2022 - 14:41 | Views - 1,078
අත්‍යවශ්‍ය ඖෂධ 60ක මිල ඩොලරයට සාපේක්ෂව ඉහළ දැමීම පිළිබඳව වන මිල සංශෝධන ඇතුළත් ගැසට් පත්‍රය ඉදිරි දින දෙක තුළ නිකුත් කරන බව ඖෂධ නිෂ්පාදනය, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශය පවසනවා.

එහි ලේකම්, වෛද්‍ය සමන් රත්නායක සඳහන් කළේ, අද දිනය තුළ නව මිල සංශෝධනය මිල නියාමන කමිටුව මගින් ලබාදීමට නියමිතව ඇති බවයි.

ඉන් අනතුරුව එය නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට යොමුකර ගැසට් නිවේදනය පළ කිරීමට නියමිත යි.

අමෙරිකානු ඩොලරයේ අගය රුපියල් 230 දක්වා පෙරේදා ඉහළ යෑමත් සමඟ ඖෂධ ආනයනකරුවන්ට ඖෂධ ආනයනයේ දී මුහුණ දීමට සිදුව ඇති ගැටළු සම්බන්ධයෙන් දැනුවත් කරමින් ඉල්ලා ඇත්තේ 50%ක මිල වැඩිවීමක් අවශ්‍ය බවට යි.

ඒ අනුව ඖෂධ නිෂ්පාදනය, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශය ඖෂධ මිල නියාමන කමිටුවට ඉදිරිපත් කිරීමෙන් පසු 20%ක මිල වැඩිවීමක් සඳහා අනුමැතිය ලබාදී තිබුණා.

එහෙත් ඊයේ දිනයේ යළිත් ඩොලරයේ අගය 260 දක්වා ඉහළ යෑමත් සමඟ ඊට සාපේක්ෂව යළි මිල සමාලෝචනයක් කිරීමට මිල නියාමන කමිටුව වෙත යොමුකර තිබෙනවා.

එතෙක් ඖෂධ නොසඟවා දැනට පවතින මිලට අලෙවි කරන ලෙසයි රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, වෛද්‍ය සමන් රත්නායක, පෞද්ගලික අංශයේ ඖෂධ ආනයනකරුවන්ගෙන් ඉල්ලා සිටියේ. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top