අවූරුදු හතරක් තරුණ සිසුවා සැප ගන්න ගෙනියලා - ගුරු නමට අවමන් පෑ අමුතුම ගුරුවරිය
Friday, 11 March 2022 - 11:49 | Views - 1,695
වයස අවුරුදු 20ක තරුණයකු වයස අවුරුදු 16 සිට අයුතු ලිංගික අවශ්‍යතා සදහා පොළඹවා ගත් පුවතක් වාර්තා වෙනවා.

මෙසේ පොළඹවා ගනිමින් ලිංගික අතවර කළැයි කියන කොළඹ ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ පාසලක ගුරුවරිය සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වා අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය ළමා හා කාන්තා කාර්යාංශයට නියෝග කර තිබෙනවා.

අදාළ බාලවයස්කාර දරුවා ඉගෙන ගත් පාසලේ තොරතුරු තාක්ෂණ ගුරුවරියක වූ මෙම තැනැත්තිය වසර හතරක් තිස්සේ පාසල තුළදී මෙන්ම විවිධ ස්ථානවලදීත් ගල්කිස්ස මහ හෝටලයේදීත් දරුවා අපයෝජනයට ලක්කර ඇතැයි ළමා හා කාත්නා කාර්යාංශය අධිකරණයට කරුණු වාර්තා කර තිබෙනවා.

එම පාසලේ ‘අන්තර් පාසල් මහා ක්‍රිකට් තරගයේදී මෙම ගුරුවරිය අදාළ දරුවා හදුනාගෙන ඇති බවත්, පසුව අතපසුවූ අධ්‍යාපන කටයුතු සිදුකිරීම සදහා ඕනෑම මොහොතක අමතන ලෙසට දැනුම් දෙමින් ඇගේ ජංගම දුරකතන අංකය දරුවාට ලබාදී ඇති බවත් ළමා හා කාන්තා කාර්යාංශය අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත.

පසුව වසර හතරක් පුරා දරුවාගේ ජංගම දුරකතනයට වට්ස්අප් පණීවිඩ එවමින් ඔහු සමග සම්බන්ධතාව පවත්වාගෙන ගොස් ඇති අතර, දරුවා වසර 18ක් සපිරෙන තෙක් නොයෙක් ස්ථානවලට රැගෙන ගොස් ඇති බවත් කරුණු ඉදිරිපත් වී ඇතැයි ද ළමා හා කාන්තා කාර්යාංශය අධිකරණයට කරුණු වාර්තා කර තිබේ.

මේ වන විට අදාළ ගුරුවරිය පාසල් ශිෂ්‍යාගේ හැසිරීම හේතුවෙන් පාසලින් ඉල්ලා අස්වී ඇති බව ද ඇගේ පැමිණීල්ලෙන් දක්වා තිබූ බව ද පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබෙනවා.

ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සිද්ධියට අදාළ සැකකාර ගුරුවරිය සම්බන්ධයෙන් වහාම පරීක්ෂණ පවත්වා අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසට ළමා හා කාන්තා කාර්යාංශයට නියෝග කර තිබෙනවා.

ලංකාදීප
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top