පාන් පිටි මිලත් ඉහළට
Friday, 11 March 2022 - 11:34 | Views - 868
සෙරන්ඩිබ් සමාගම අද සිට ක්රියාත්මක වන පරිදි තිරිඟු පිටි කිලෝග්රෑමයක මිල රුපියල් 35කින් ඉහළ දමා තිබෙනවා.
ප්රීමා සමාගම තිරිඟු පිටි කිලෝග්රෑමයක මිල ඉහළ දමා ඇත්තේ, රුපියල් 40කින්.
මේ අතර, ඊයේ රාත්රියේ සිට ක්රියාත්මක වන පරිදි අයි.ඕ.සී තෙල් මිල ගණන් ද ඉහළ දැමුණා.
එහි නව මිල සටහන් වන්නේ, ඩීසල් ලීටරයක මිල රුපියල් 214ක් හා පෙට්රල් ලීටරයක මිල රුපියල් 254ක් ලෙස යි.
Share This Article