තෙල් මිල සියයට 30 කින් ඉහළට
Friday, 11 March 2022 - 9:56 | Views - 976
රුසියාවේ යුක්රේන ආක්‍රමණය තවදුරටත් උත්සන්න වද්දි ලෝක වෙළඳපොලේ ඛනිජ තෙල් මිල තවදුරටත් ඉහළ මට්ටමක පවතිනවා.
ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 109යි ශත 30ක් ලෙස සටහන් වන අතර, ඇමරිකානු ඩබ්ලිව්.ටී.අයි තෙල් බැරලයක මිල සටහන් වන්නේ ඩොලර් 107යි ශත 40ක් ලෙසයි.
මේ අතර රුසියානු ඉන්ධන ආනයනය බටහිර රටවල් විසින් අත්හිටුවීමත් සමඟ එරට බොරතෙල් නිෂ්පාදනය තාවකාලිකව නතර කිරීමට සිදුව ඇති බවයි විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ.
පසුගිය පෙබරවාරි 24 වනදායින් පසු ලෝක වෙළඳපොලේ තෙල් මිල සියයට 30කින් පමණ ඉහළ ගිය අතර, වරෙක බොරතෙල් බැරලයක මිල ඩොලර් 139 දක්වා ඉහළ ගියා.
Share This Article