රක්ෂණය ලබා ගන්න මින් ඉදිරියට අවශ්‍ය නොවන ලිපිය
Friday, 11 March 2022 - 8:24 | Views - 649
රක්ෂණ පනත සම්මත වූවායින් පසු රක්ෂණ සමාගම් විසින් ජනතාව ගොනාට අන්දවා ඇති බව ලීසිං හා ණය වාරික ගෙවන්නන්ගේ ඒකාබද්ධ සංගමය පවසනවාා.

අද වන විට වාහන අලුත්වැඩියාකරන ආයතනවල ලක්ෂ 2කට වඩා වැඩි වාහන සංඛ්‍යාවක් සිර වී තිබීමට හේතුව NO OBJECTION ලිපිය බවයි එම සංගමය පෙන්වා දෙන්නේ.

වාහනයක් රිය අනතුරකට ලක්වූවායින් පසු රක්ෂණ මුදල ලබා ගැනීම සදහා ලීසිං ආයතනයෙන් ලිපියක් අවශ්‍ය බව ප්‍රකාශ කරන අතර මෙම NO OBJECTION ලිපිය හේතුවෙන් ලංකාවේ බොහෝ ලීසිං ආයතන අනතුරට පත් වාහන වල හිමිකම් සියල්ල තමන්ට ලබාගෙන, වාහන, අලුත්වැඩියා කරන ආයතනවලට සිර කරන බවයි එම සංගමයේ ප්‍රධාන ලේකම් අසංක රුවන් පොතුපිටිය පවසන්නේ.

නමුත් මින් ඉදිරියට මෙම ලිපිය (No Objection Letters) අවශ්‍ය නොවන බව රක්ෂණ නියාමන කොමිෂන් සභාව ලිඛිතව දන්වා තිබෙන අතර ඒ අනුව වාහනයේ හිග වාරික පැවතියද අනතුරක් වූ පසු අදාළ රක්ෂණය ලබා ගැනීම සදහා තවදුරටත් ලීසිං ආයතනයෙන් ලිපි අවශ්‍ය නොවන බව ඔවුන් පෙන්වා දෙනවා.

රටතුළ පවතින අර්බුදකාරි වාතාවරණය හමුවේ වුවද ලීසිං ආයතන කිසිම සහනයක් ලබා නොදී වාහන අත්පත් කරගනිමින් සිටින බවයි ලීසිං හා ණය වාරික ගෙවන්නන්ගේ ඒකාබද්ධ සංගමය  පවසන්නේ.

මහ බැංකුව විසින් මේ සම්බන්ධයෙන් නිසි අවධානය යොමුකර ණය වාරික ගෙවීම සදහා ජනතාවට සහනයක් ලබා දිය යුතු බව ඔවුන් පෙන්වා දෙනවා.



Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top