IOC ඉන්ධන මිල යළි ඉහළට (Video)
Friday, 11 March 2022 - 7:18 | Views - 1,935
ලංකා ඉන්දියන් ඔයිල් සමාගමේ ඉන්ධන මිල අද (10) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ නංවා තිබෙනවා.

ඒ අනුව ඩීසල් ලීටරයක මිල රුපියල් 75කින් ඉහළ යන අතර පෙට්‍රල් ලීටරයක මිල ඉහළ නංවා ඇත්තේ රුපියල් 50කින්.

ලංකා ඉන්දියන් ඔයිල් සමාගමේ ඉන්ධන මිල අද (10) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ නංවා තිබෙනවා.

ඒ අනුව ඩීසල් ලීටරයක මිල රුපියල් 75කින් ඉහළ යන අතර පෙට්‍රල් ලීටරයක මිල ඉහළ නංවා ඇත්තේ රුපියල් 50කින්.

ඒ අනුව එම සමාගමේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 254ක් වන අතර ඩීසල් ලීටරයක නව මිල වන්නේ රුපියල් 214ක්.

පසුගිය පෙබරවාරි මස 25 වනදා ද ලංකා ඉන්දියන් ඔයිල් සමාගම සිය ඉන්ධන මිල ගණන් ඉහළ දමනු ලැබුවා.

ඒ පෙට්‍රල් ලීටරයක් රුපියල් 20කින් සහ ඩීසල් ලීටරයක් රුපියල් 15ක් වශයෙන්.

IOC සමාගම පසුගිය පෙබරවාරි මස 6 වනදා ද සිය ඉන්ධන මිල ගණන් ඉහළ දමනු ලැබුවා.

ලංකා ඉන්දියන් ඔයිල් සමාගම පැවසුවේ, රටේ පවතින ඩොලර් අර්බුදය සහ රුපියල පා කිරීම හේතුවෙන් මෙම තීරණය ගැනීමට සිදු වූ බවයි.

සිය සමාගම් පාඩු නොලබන ආකාරයට ජනතාවට ඉන්ධන සැපයීමට නම් ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල වැඩිවීමේ දී මෙන්ම මෙරට තුළ රුපියල අවප්‍රමාණය වීම යනාදී කාරණා හේතුවෙන් මෙවැනි තීරණවලට ව්‍යාපාරික වශයෙන් එළඹීමට සිදුවන බවයි ලංකා ඉන්දියන් ඔයිල් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ මනෝජ් ගුප්තා කියා සිටියේ.

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල් දින 07ක් තුළ රුපියල් 57ක් දක්වා දෙවතාවක් අවප්‍රමාණය වීම ඩීසල් සහ ප්‍රෙටල්වල ගොඩබෑමේ සිට මිල සෘජුව වර්ධනයට බලපෑ බව ද ඔහු වැඩිදුරටත් නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙනවා.

කෙසේ වෙතත් සිපෙට්කෝ ඉන්ධන මිල තවමත් ඉහළ දමා නොමැති අතර ජනතාවට එම ඉන්ධන පිරවුම්හල් තුලින් පැරණි මිලටම ඉන්ධන ලබා ගැනීම සිදු කර ගත හැකියි.


එම නිවේදනය පහතින්... 




Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top