ප්‍රතික්ෂේප වුණු යෝජනාව
Thursday, 10 March 2022 - 16:22 | Views - 430

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ කඩයිම් ලකුණු ප්‍රසිද්ධ නොකරන ලෙස මන්ත්‍රීවරයෙකු ඉදිරිපත් කර තිබූ යෝජනාවක් අධ්‍යාපන උපදේශක කාරක සභාවේදී ප්‍රතික්ෂේප වී තිබෙනවා.
පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ (09) රැස්වූ එම උපදේශක කාරක සභාවේ බහුතර අදහස වී තිබුණේ කඩඉම් ලකුණු ලබාදීමෙන් දරුවන්ට අවශ්‍ය පාසලක් තෝරා ගැනීම සඳහා අවස්ථාව සැලසෙන බවයි.
දැනට ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිට ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටින දරුවන්ගේ සහ දෙමාපියන්ගේ බලාපොරොත්තු කඩ නොකරන ලෙස මන්ත්‍රීවරුන් එහිදී අධ්‍යාපන අමාත්‍යවරයා වෙත කරුණු ඉදිරිපත් කර තිබෙනවා.
ඒ අනුව, කඩඉම් ලකුණු ප්‍රසිද්ධ නොකරන ලෙසට ඉදිරිපත් කර තිබූ යෝජනාව ප්‍රතික්ෂේප වී ඇති අතර, පාසල්වල ගොඩනැගිලි ප්‍රයෝජනයට ගැනීම සීමා සහිතව කෙරෙන බැවින් පස්වරු කාලයේදී ද ඒවා ප්‍රයෝජනයට ගැනීමේ වැඩපිළිවෙලක් සකස් කරන ලෙස මන්ත්‍රීවරයෙකු අදහස් ඉදිරිපත් කර තිබුණා.
ඊට එකඟතාවය පළ කළ අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ මෙරට වසා දැමුණු පාසල් 850 කට අධික සංඛ්‍යාවක් පවතින බවට ලේඛන ගතව ඇති බවයි.
ඒවා ප්‍රයෝජනයට ගත යුතු බවයි අමාත්‍යවරයා ඊයේ පැවති අධ්‍යාපන උපදේශක කාරක සභාවේදී ප්‍රකාශ කර ඇත්තේ.
Share This Article