දෙගුණයක වැඩිවීමක් පෙන්වන අලුත්ම භයානක බව
Thursday, 10 March 2022 - 13:51 | Views - 785
වසරේ ගෙවුණු කාලය තුලදී පමණක් ඩෙංගු රෝගීන් 10,688 දෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු පාලන ඒකකය පවසනවා.

එය ගෙවුණු වසරට සාපේක්ෂ ව දෙගුණයක වැඩි වීමක්.

පසුගිය වසරේ මුල් සති 09ක කාලයේ දී ඩෙංගු රෝගීන් 4,911ක් වාර්තා වී තිබූ අතර, මේ වසරේ මුල් සති 09 දී පමණක් ඩෙංගු රෝගීන් 10,688ක් වාර්තා වී තිබුණා.

එලෙස වාර්තා වූ රෝගීන්ගෙන් අඩකට ආසන්න සංඛ්‍යාවක් බස්නාහිර පළාතෙන් වාර්තා වීම විශේෂත්වයක්.

ඒ අනුව එම පළාතෙන් වසරේ මේ දක්වා කාලය තුළදී වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 5309ක්.

ඊට අමතර ව පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන දිස්ත්‍රික්ක 11 සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් කොට්ඨාස 38ක් අධිඅවදානම් කලාප ලෙස නම් කර තිබෙනවා. 




Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top