දෙගුණයක වැඩිවීමක් පෙන්වන අලුත්ම භයානක බව
Thursday, 10 March 2022 - 13:51 | Views - 786
වසරේ ගෙවුණු කාලය තුලදී පමණක් ඩෙංගු රෝගීන් 10,688 දෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු පාලන ඒකකය පවසනවා.
එය ගෙවුණු වසරට සාපේක්ෂ ව දෙගුණයක වැඩි වීමක්.
පසුගිය වසරේ මුල් සති 09ක කාලයේ දී ඩෙංගු රෝගීන් 4,911ක් වාර්තා වී තිබූ අතර, මේ වසරේ මුල් සති 09 දී පමණක් ඩෙංගු රෝගීන් 10,688ක් වාර්තා වී තිබුණා.
එලෙස වාර්තා වූ රෝගීන්ගෙන් අඩකට ආසන්න සංඛ්‍යාවක් බස්නාහිර පළාතෙන් වාර්තා වීම විශේෂත්වයක්.
ඒ අනුව එම පළාතෙන් වසරේ මේ දක්වා කාලය තුළදී වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 5309ක්.
ඊට අමතර ව පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන දිස්ත්‍රික්ක 11 සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් කොට්ඨාස 38ක් අධිඅවදානම් කලාප ලෙස නම් කර තිබෙනවා.
Share This Article