ඉන්ධන මිල නැවතත් ඉහළට ? ජනතාවට විකල්පයක්
Thursday, 10 March 2022 - 11:39 | Views - 10,810
බොරතෙල් මිල මේ වන විට ශීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් මෙම වසරත් දුෂ්කර වසරක් වන බව කර්මාන්ත අමාත්‍ය එස්. බී දිසානායක පවසනවා.

ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ, ඩීසල් හා පෙට්‍රල් මිල වැඩිකළ යුතු බවයි.

එම මිල වැඩි වීම ජනතාව තමන්ට ලැබෙන ආදායම අනුව කළමණාකරණය කිරීම කළයුතු බවද ඇමතිවරයා මෙහිදී පවසා සිටියා.

කෙසේ වෙතත් ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල අඛන්ඩව ඉහළ යාමත් සමග පිරිවැයට සාපේක්ෂව මිල සංශෝධනයක් සිදු කළ යුතු බවට රජයට යළි යෝජනා කරන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ, ජනාධිපති මාධ්‍ය අංශය සංවිධාන කළ විශේෂ සම්මුඛ සාකච්ඡාවට අද එක්වෙමින්.

සභාපතිවරයා මෙහිදී සඳහන් කළේ, බොරතෙල් බැරලයක මිල ශීඝ්‍රයෙන් ඉහළ යාමත් සමඟ අද වනවිට ඩීසල් ලීටරයකින් රුපියල් 128ක සහ පෙට්‍රල් ලීටරයකින් රුපියල් 80ක පාඩුවක් සංස්ථාවට සිදු වන බවයි.

මෙම තත්ත්වය තවදුරටත් කළමනාකරණය කර ගැනීමට අපහසු බවයි ඔහු කියා සිටියේ.

මේ අතර, ඉදිරි දින කිහිපය තුළ ඩීසල් හිඟය සම්පූර්ණයෙන්ම පහව යනු ඇති බව බලශක්ති අමාත්‍යාංශ ලේකම් කේ.ඩී.ආර්. ඔල්ගා පවසනවා.

මෙම සාකච්ඡාවට එක්වෙමින් ඇය කියා සිටියේ, මේ වනවිටත් ප්‍රමාණවත් ඩීසල් තොග රට තුලට ලැබී ඇති අතර අද දිනයේ මෙටි්‍රක් ටොන් 37,500ක් රැගත් තවත් ඩීසල් නෞකාවක් මෙරටට ළගා වීමට නියමිත බවයි.

එමෙන්ම, මේ මාසය තුල ප්‍රමාණවත් ඩීසල් තොග තවදුරටත් ඇණවුම් කර ඇති බවද ලේකම්වරිය සඳහන් කළා.

එමෙන්ම සියලු තාප බලාගාරවලට අවශ්‍ය ඩීසල් සහ දැවි තෙල්, හෙට සිට සපයන බව තෙල් සංස්ථාව පවසනවා.

දිවයිනට පැමිණ ඇති දැවි තෙල් මෙටි්‍රක් ටොන් 30,000න් වෙස්කෝස්, සෙජිස්ට්, සහ උතුරු ජනනී බලාගාරවලට මෙන්ම බාජ් බලාගාරයට අවශ්‍ය දැවි තෙල් සපයන අතර, කැළණිතිස්ස බලාගාරයට අවශ්‍ය ඩීසල් ද හෙට සිට නිකුත් කිරීමට නියමිත යි. 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top