යුක්රේන අර්බුදය හමුවේ ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල තවදුරටත් වසර 14 කින් ඉහළ මට්ටමේ පවතින අතර බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල අද සටන් වන්නේ ඩොලර් 124 ශත 27 ක් ලෙසින්.
ඇමෙරිකානු ඩබ්ලිව් ටි අයි තෙල් බැරලයක මිල ද ඩොලර් 119 යි ශත 72 ක් ලෙස පැවතුණා.
මේ අතර, ඇමෙරිකාව විසින් රුසියානු ඛනිජ තෙල් සඳහා තහංචි පැනවීමට සැරසෙද්දී යුරෝපයට සිදුකෙරෙන ස්වභාවික වායු සැපයුම නතර කරන බවට රුසියාව තර්ජනයක් කර තිබෙනවා.
රුසියානු බලශක්ති කටයුතු භාර එරට නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ඇලෙක්සෙන්ඩර් නොවැක් අනතුරු අගවා සිටියේ රුසියානු තෙල් තහනමක් ලෝක වෙළඳපොල බොරතෙල් බැරලයක මිල ඩොලර් 300 දක්වා ඉහළ තැබීමට හේතුවනු ඇති බවයි.
යුරෝපයේ ගෑස් සැපයුමෙන් සියයට 40ක් සහ තෙල් සැපයුමෙන් සියයට 30ක් ලැබෙන්නේ ද රුසියාවෙන්.