රන් ආභරණ සහ ත්‍රිරෝද රථ සොරකම් වැටලුණු හැටි
Tuesday, 08 March 2022 - 10:05 | Views - 3,596
රන් ආභරණ කොල්ලකෑමේ ජාවාරම්වල නිරත වූ කණ්ඩායම් කිහිපයක සාමාජිකයින් 4 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අතර කාන්තාවක ද සිටින බවයි පොලීසිය සඳහන් කළේ.

රාගම - පේරලන්ද ප්‍රදේශයේදී පොලීසිය විසින් ඊයේ සිදුකරන ලද වැටලීමකදී සැකකරුවෙකු සහ සැකකාරියක අත්අඩංගුවට ගෙන තිබුණා.

පසුව සිදු කරන ලද විමර්ශනවලදී අනාවරණ වූයේ මොවුන් දෙදෙනා කාන්තාවන්ගේ ගෙල බැදි රන් මාල කොල්ල කෑමේ ජාවාරමක නිරත වී ඇති බවයි.

එමෙන්ම, ගල්කිස්ස ප්‍රදේශයේ දී ද සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් ද රන් මාල කොල්ලකෑමේ ජාවාරම්වල නිරත වී ඇති බවටයි විමර්ශනවල දී අනාවරණ වී ඇත්තේ.

මේ අතර, ගම්පහ පොලීසියට ලැබුණු පැමිණිලිවලට අනුව ත්‍රිරෝද රථ සහ යතුරුපැදි සොරකම් කිරීමේ සිද්ධීන්වලට අදාළව දෙදෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබුණේ ඊයේ (07) දිනයේදියි.

ඔවුන් විසින් සොරා ගන්නා ලද ත්‍රිරෝද රථ 9ක් සහ යතුරුපැදි දෙකක් පොලීසිය සොයාගෙන තිබෙනවා. 

 
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top