විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල අමාත්‍ය ධුරවලින් ඉවත් කිරීම සුදුසු ක්‍රියාවක් නො වන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා.
ඔහු මේ බව සදහන් කළේ, ඊයේ රාත්‍රියේ විකාශය වූ හිරු ටී.වී. සලකුණ දේශපාලන සංවාදමය වැඩසටහනට එක්වෙමින්.
මේ අතර, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර හමුවක් අද පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.
එහි දී නිදහස් පක්ෂය මිට පෙර ජනාධිපතිවරයා වෙත භාර දුන් කරුණු 15කින් යුත් යෝජනාවලිය පිළිබඳව ද සාකච්ඡා කෙරෙනු ඇති.
දැනට නිදහස් පක්ෂය නියෝජනය කරමින් ආණ්ඩුවේ මැති ඇමතිවරුන් 14ක් සිටින අතර ඊට අමාත්‍යවරුන් දෙදෙනෙකු සහ රාජ්‍ය අමාත්‍යවරුන් 3 දෙනෙකු ද ඇතුළත්.