ජාත්‍යන්තර කාන්තා දිනය අදයි
Tuesday, 08 March 2022 - 7:28 | Views - 596

ජාත්‍යන්තර කාන්තා දින සැමරුම අදට යෙදී තිබෙනවා.

ජාත්‍යන්තර කාන්තා දින සැමරුම 1910 වසර දක්වා ඈතට දිවයන්නක්.

ඊට පෙරද කුඩා ප්‍රමාණයේ කාන්තා සැමරුම් දින උත්සව පවත්වා ඇතත්, 1910 වසරේදී ඩෙන්මාර්කයේ කෝපන්හේගන් නගරයේ පැවති වැඩකරන කාන්තාවන්ගේ දෙවැනි ජාත්‍යන්තර සම්මේලනයේදී එවැනි දිනයක වැදගත්කම පිළිබඳව දැඩි මතවාද ඉදිරිපත් වුණා.

ජර්මනියේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායිකා ක්ලාරා සෙට්කින් ඊට පෙරමුණ ගත් අතර, එහි ප්‍රතිඵලයක් ලෙස නිල වශයෙන් කාන්තා දින සැමරුම් ආරම්භ වූ බවට ඉතිහාසය සාක්ෂි දරනවා.

1911 වසරේ මාර්තු 19 වනදා ලොව පළමු ජගත් කාන්තා දිනය සමරා ඇති අතර, එය මාර්තු 8 වනදාට මාරු කෙරුණේ 1913 වසරේයි.

1975 වසරේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය ජගත් කාන්තා දිනයට නිල පිළිගැනීමක් ලබාදුන්නා.

සාමානාත්මතාව සහ කාන්තාවගේ අයිතිවාසිකම් සාක්ෂාත් කර ගැනීම අරමුණු කර ගනිමින් ලෝක කාන්තා දිනය සැමරෙනවා.

ගෝලීය වශයෙන් කාන්තාවන් මුහුණ දෙන අභියෝග වලට විසඳුම් ලබාගැනීම එහි අරමුණයි.

ලොව සෑම කාන්තාවන් 3 දෙනෙකුගෙන්ම එක් අයෙකු හිංසනයට ලක් වන බව ජගත් සංවිධානය මීට ඉහතදී ප්‍රකාශ කර තිබෙනවා.
ඒ අනුව, 2030 වනවිට කාන්තා පිරිමි අසමානතා දුර කළ යුතු බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අදහස වී තිබෙනවා.

ශ්‍රී ලංකාව ද, විවිධ තේමාවන් ඔස්සේ කාන්තා දිනය සමරන්නේ කලකට පෙර සිටයි.

එහෙත් අද වනතුරු කාන්තාව මුහුණ දෙන ගැටලු පිළිබඳව ලාංකේය සමාජය විධිමත්, අවධානයක් යොමුකර ඇත්දැයි අප සොයා බැලිය යුතුයි.

බොළඳ සැමරුම් ක්‍රමවලට වඩා කාන්තාව වෙනුවෙන් ඔවුන්ගේ අයිතිවාසිකම් සුරැකෙන අර්ථවත්වූ අනාගතයක් බිහි කිරීම අද සියලුදෙනාගේ අධිෂ්ඨානය වන්නේ නම් එය සමස්ථ සමාජය වෙනුවෙන්ම කෙරෙන්නාවූ ගරු කටයුත්තක් ලෙසයි කාන්තාවන් සැමදෙනාම වගේම හදවතින් ප්‍රර්ථනා කරනු ඇත්තේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top