විවාහය කෙටි නොකර ගන්න - මැරෙනකම් එකට ඉන්න
Monday, 07 March 2022 - 9:36 | Views - 526

සන්නිවේදන හැකියාව පිළිබඳ සලකා බැලුවහොත් කාන්තාවන් සිටින්නේ පුරුෂයන්ට වඩා ඉහළ මට්ටමකවේ. පර්යේෂණවලින් හෙළිවී ඇති අන්දමට කාන්තාවක් දිනකට සාමාන්‍යයෙන් වචන විසි දාහක් පමණ (20,000) කතා කරනු ලැබේ. වචන, ශබ්ද හා අංග චලන මීට ඇතුළත්ය. පුරුෂයන් මින් හරි අඩකටවත් ළඟා නොවන අතර සංඛ්‍යාත්මකව බැලුවොත් පුරුෂයකු විසින් දිනකට සාමාන්‍යයෙන් කතා කරනු ලබන වචන සංඛ්‍යාව වචන හත්දහසක් (7,000). පමණ වේ. දවස අවසානයේ රැකියාවට ගොස් පැමිණි පසු, දහවල් කාලයේදී කාර්යාලයේ හෝ අතර මඟදී පිරිමියා විසින් තමාගේ වචන 7,000 කතා කොට අවසානව තිබුණේ නම් ඔහුට අවශ්‍ය වන්නේ නිවෙසට පැමිණ විවේකීව, නිශ්ශබ්දව සිටීමටය. ගැහැනියගේ වචන විසිදාහ යම් හෙයකින් කතා කොට අවසන්ව නොතිබුණේ නම් ගැහැනියට අවශ්‍ය පිරිමියා හා ‍ෙදාඩමලු වීමටය. ඇගේ දවසේ ඉතිරි වචන සියල්ල පැවැසීමට අවශ්‍ය වනු ඇත. තමාගේ වචන කෝටාව අවසන් කළ පිරිමියාට මෙය මහත් හිසරදයක් වනු ඇත. 

ඔහුගේ වචන සීමාව මේ වන විටත් අවසන්ව ඇති බැවින් පිරිමියා විසින් සාමාන්‍යයෙන් සිදු කරනු ලබන්නේ බිරිය විසින් කරනු ලබන කතාවට නිහඬව සවන් දීමයි. මෙම නිහඬතාව බිරිය විසින් දකින්නේ තමා ගණන් නොගැනීමක් හෝ ආදරය නොකිරීමක් ලෙසය. ගැහැනුන්ගේ දවස අවසානයේ මෙබ¾දු කතාවන් පිරිමියා දකින්නේ අඳෝනාවක්, කන්කරච්චලයක් ලෙසය. මෙම ගැටලුව වෙනත් දුරදිග ගිය විශාල ආරවුලක් දක්වා ගමන් කළ හැකි අතර මේ පිළිබඳව නිසි අවබෝධයකින් සිටී නම් සන්නිවේදන වෙනස හේතුවෙන් ඇතිවෙන ගැටලු සහගත තත්ත්වයන් අවම කර ගැනීමට හැකිවනු ඇත. විශේෂයෙන්ම තමාගේ කතාවට සවන් දීම හැර තම සැමියා විසින් කතාවේ ගැටලුවලට විස¾දුම් ලබාදීම හෝ ඊට ප්‍රතිචාර දැක්වීමක් අපේක්ෂා නොකෙරෙන බැවින් බිරියට සවන් දීම තුළින් පමණක් තම සැමියා තමාට අවධානය යොමු කරන බව අවබෝධ වන අතර ඉන් ඇය සතුටට පත් වේ. හොඳ සවන් දෙන්නකු වීම යුග දිවියේ සාර්ථකත්වයට නොවරදින රහසකි.

අවකාශමය හැකියාවන් පිළිබඳව අවධානය යොමු කිරීමේදී ගැහැනියට වඩා පුරුෂයා ඉදිරියෙන් සිටී. අවකාශමය හැකියාව යනුවෙන් හ¾දුන්වන්නේ අවට පරිසරය, හිස් අවකාශයක් මනෝමය වශයෙන් පරිකල්පනය කිරීමේ හැකියාවයි. ගැහැනුන්ට වඩා පිරිමින්ගේ අවකාශ හැකියාව වඩාත් පුළුල්වන අතර ඊට හේතු වන්නේ ගැහැනු මොළයේ හා පිරිමි මොළයේ සැකැස්ම වෙනස් වීමයි. ඓතිහාසිකමය වර්ධනය අනුව ඉතා දිගු කාලයක් කෑම සොයා ඔබමොබ හැසිරුණු දඩයක්කාරයාගේ චරිත 

රඟපෑ පුරුෂයා ආහාර හා ගොදුරු සොයා බාහිර පරිසරය තුළ ඔබමොබ හැසිරීමත් සමඟ තමන්ගේ අවකාශ හ¾දුනා ගැනීමේ හැකියාව දියුණු හා තියුණු බවට පත් කර ගත් අතර, තම ගල්ගෙය හෝ නිවෙස හා දරුවන් රැක බලා ගනිමින් කෑම බීම පිසිමින් එක් තැනක රැඳෙමින් “රැකබලා ගන්නීය” ගේ චරිතය රඟපෑ ගැහැනිය දරුවන් හා සැමියා සමඟ නිවෙස තුළ අවකාශයකට කොටු වී, අවකාශ සබඳතාවන් සීමා වීම තුළින් පරිණාමිකව මෙම තත්ත්වයට පත් වී ඇති බව අධ්‍යනයන් මඟින් හෙළිදරව් වී ඇත. පිරිමියාගේ දකුණු මොළයේ ඉදිරිපස ස්ථාන හතරක හා වම් මොළයේ යම් වශයෙන් අවකාශ හැකියා කලාපයන් ස්ථිරවම පිහිටා තිබෙන බැවින් ස්ත්‍රියට සාපේක්ෂව පුරුෂයාගේ අවකාශ හැකියාව වැඩි වන අතර මේ තුළින් පිරිමියා ත්‍රිමාණ දෘෂ්ටියක් හිමිකර ගනියි. 

පිරිමියා හා සාපේක්ෂව බලන විට ගැහැනියගේ මොළයේ වම් පස හා දකුණු අර්ධගෝල දෙකෙහිම නිශ්චිත නොවන සුළු වශයෙන් අවකාශ හැකියාවන් පිහිටා ඇති බව හ¾දුනා ගත හැකි අතර එම හේතුව නිසා ගැහැනුන්ට හිමිවන්නේ ද්විමාන දෘෂ්ටියකි. මේ හේතුව නිසාම. සලකුණු සහිතව යම් ස්ථානයකට යන පාර කීම, සිතියම් කියවීම හා වරක් ගිය ස්ථානයකට නැවත නිවැරදිව මඟ සොයා ගෙන යෑම වැනි කාර්යයන් ස්ත්‍රින්ට අපහසුය. සිතියමක් කියවීමේදී ද්විමාන රූප සංජානනය සහිත කාන්තාවගේ අවධානය යොමු වන්නේ සිතියමේ ඇති වර්ණයන්, රූප හෝ සලකුණු කෙරෙහිය. නමුත් ත්‍රිමාණ රූපී සංජානනීය හැකියාව සහිත පුරුෂයා විසින් ස්ථානය, දිශාව හා අනෙකුත් ලක්ෂණයන් තුළින් නිවැරදිව සිතියම කියවීමට සමත්ය. පිරිමින් හා සාපේක්ෂව ප්‍රබල සංජානනයක් පෙන්නුම් කිරීමට සමත් වන්නේ කාන්තාවන්ගෙන් 10% පමණක් බව පර්යේෂණ මඟින් හෙළිදරව් කරගෙන ඇත.

ගැහැනු මොළයේ සහ පිරිමි මොළය ක්‍රියාත්මක වන්නේ ආකාර දෙකකටය. ගැහැනු මොළයේ බහු මාර්ගික (Multitracked) ය. ඒ මඟින් එක් වරකට අදහස් එකකට වඩා කිහිපයක් නිකුත් කළ හැකි අතර කතා කරන අතරතුරම සවන්දීමද සිදු කිරීමට කාන්තාවන්ට පුළුවන. නමුත් කාන්තාවන්ට සාපේක්ෂව පිරිමි මොළය ඒක මාර්ගික වේ. (Singletracked). එක් වරකට ප්‍රකාශ කළ හැක්කේ එක් අදහසක් පමණි. කතා කරන අතරතුර සවන්දීමේ හැකියාව පුරුෂයන්ට නොමැත. පිරිමින්ගේ වාක්‍ය කෙටි වන අතර සරල අදහස් හා ඍජු ප්‍රකාශනයක් ඇත. ගැහැනුන්ගේ වාක්‍ය දිගු වන අතර, අදහස් සංකීර්ණය. මිශ්‍ර අදහස් ඇති අතර භාෂණය වක්‍රාකාර වේ. උදාහරණයක් වශයෙන් ගතහොත් වාහනයක ගමන් ගන්නා අතරතුර බිරිය විසින් තම ස්වාමිපුරුෂයාගෙන් ඔයාට තිබහයිද? යනුවෙන් අසයි. වාහනය පැදවීමේ අවධානයෙන් සිටින සැමියා විසින් තමාට තිබහ නොමැති බව පවසයි. ටික වෙලාවක් යන විට බිරියගේ මුහුණ වෙනස් වී කතාව අඩුවී ගොස් පසුව පුතේ, බස් එකේ යනවා වගේ නේද ගමන?

 යනාදී වශයෙන් ඇනුම්පද පිට වෙයි. කිසිවක් නොතේරුණු සැමියා අන්ද මන්ද වන අතර මෙම වචන හුවමාරුව දුර දිග ගොස් විශාල රණ්ඩුවක් පවා ඇති වීමේ ඉඩ කඩ ඇත. ඔයාට තිබහයිද? යනුවෙන් බිරිය විසින් කලින් කරන ලද ප්‍රකාශය තුළින් ඇය විසින් ඇත්තෙන්ම අදහස් කර ඇත්තේ ඇයට යමක් පානය කිරීමට ඇති අවශ්‍යතාව හෝ ගමන මඳක් නතර වී විඩා හැරීමේ අවශ්‍යතාවයි. පිරිමියාට එය අවබෝධ කර ගැනීමට නොහැකි වන්නේ පිරිමි මොළය කෙළින් කතාව සඳහා සැකසී ඇති බැවිනි. වක්‍රාකාර කතාව පිරිමියාට නුහුරුය. එබැවින් ගැහැනුන් වක්‍රාකාරයෙන් පවසන්නේ කුමක්ද යන්න පිළිබඳව අවධානය යොමු කිරීම තුළින් ස්වාමිපුරුෂයා හා බිරිය අතර ඇතිවෙන ගැටුම්කාරී තත්ත්වය අඩු කර ගනිමින් යහපත් සන්නිවේදනයක් ගොඩනඟා ගැනීමට හැකි වනු ඇත.

චිත්තවේගික සංවේදීතාව පිළිබඳ අවධානය යොමු කිරීමේදී කාන්තාවන් පිරිමින්ට වඩා වැඩි චිත්තවේගික සංවේදීතාවක් පෙන්නුම් කරන බව හ¾දුනා ගැනීමට පුළුවන. පිරිමින්ගේ දකුණු මොළයෙහි ස්ථාන දෙකක චිත්තවේගික කලාප තරමක් ඝනව පිහිටා ඇති අතර පිරිමියාගේ වම් මොළයෙහි චිත්තවේග කලාප පිහිටන්නේ නැත. නමුත් ගැහැනු මොළයේ වම, දකුණ යන පාර්ශ්වයන් දෙකෙහිම චිත්තවේගික සංවේදිතාව පිරිමියාට වඩා බෙහෙවින් වැඩිය. ගැහැනුන්ට හිමි වන විශේෂිතාව වන්නේ කෝපය, ශෝකය වැනි චිත්තවේගයක් ඇති වූ විට ඒ සමඟම, ඒ පිළිබඳව තාර්කිකව කතා කිරීමේ හැකියාව ලැබීමයි. ගැහැනියකුට හඬමින් සිටින අතරතුරම තමන්ගේ දුක් ගැනවිල්ල සාධාරණීකරණය කරමින් තර්කානුකූලව කතා කිරීමේ හැකියාව ලැබී ඇත්තේ ගැහැනියගේ මොළයෙහි මෙම පිහිටීම නිසාවෙනි. ගැහැනුන් චිත්තවේගික වූ විට කතාවෙහි විශිෂ්ට වන අතර පිරිමියා ඊට හාත්පසින්ම වෙනස්ය.

 චිත්තවේගික වූ විට පිරිමියා ඉතා රවන අතර එවිට පිරිමියකු සමඟ හරි වැරැද්ද සාකච්ඡා කළ නොහැකි වේ. කෝපයට පත්වී සිටින පිරිමින් සමඟ යුක්තිය හෝ හරි වැරැද්ද පිළිබඳව කතා කිරීමට යෑම නිෂ්ඵල කාර්යයක් වන්නේ පිරිමි මොළයේ සැකැස්ම අනුව පිරිමියා චිත්තවේගික වූ විට හරි වැරැද්ද, යුක්තිය අයුක්තිය නොපෙනෙන රළු පුද්ගලයකු බවට පත් වීමයි. එවිට තමා සිදුකරන දෙයහි හරි වැරැද්ද නො පෙනී යයි. බන්ධනාගාර ගත වී සිටින ජනගහනයෙන් වැඩි ප්‍රතිශතයක් පුරුෂයන් වීම මෙයට හොඳම නිදසුනකි. එබැවින් මෙම තත්ත්වය පිළිබඳව අවබෝධ කර ගනිමින් චිත්තවේගික වූ පිරිමින් සමඟ ගනුදෙනු කළ යුතු ආකාරය පිළිබඳව දැනුවත්ව සිටීම කාන්තාවන්ට ඉතා වැදගත් වනු ඇත. එය තුළින් පවුල් ජීවිතය තුළ ඇති වන ගැටුම් අවම කර ගැනීමට හැකි වනු නොඅනුමානය.

දඩයක්කාරයකු, ලුහුබැඳ යන්නකු ලෙස මෙන්ම අභියෝග ජයගන්නකු වශයෙන්ද ඓතිහාසිකව භූමිකාවක් නිරූපණය කළ පිරිමියා නිරතුරුව සාර්ථකත්වය හා ජයග්‍රහණය පිළිබඳව උද්දාමයට පත් වන සුලු පෞරුෂයකින් යුතු පුද්ගලයකු වන අතර, “රැකබලා ගන්නියක”ලෙස ඓතිහාසික භූමිකාවක් නිරූපණය කළ ගැහැනිය පරම්පරාව ඉදිරියට ගෙන යමින්, ආරක්ෂා කරමින්, ඇති දැඩි කිරීම තමන්ගේ වගකීමක් ලෙස සලකයි. වර්තමාන සමාජයීය පවුල තුළ ස්වාමිපුරුෂයාගේ හා බිරියගේ භූමිකාවන් යම් මට්ටමකින් වෙනස් අතකට හැරී තිබුණද, සමස්තයක් වශයෙන් බහුතර පිරිමින්ගේ අදහස වන්නේ හරිහම්බ කරමින් පවුල නඩත්තු කිරීම සඳහා තමන්ගේ වැඩි දායකත්වය පවතින බවයි.

 බහුතර කාන්තාවන්ගේ අදහස වන්නේ තමන් හරිහම්බ කරමින්, ඒ අතරතුරම පවුල නඩත්තු කරමින්, පවුලේ සුබසාධනය වෙනුවෙන් කැපවී සිටින බවයි. සත්‍ය වශයෙන්ම සලකා බැලුවහොත් මෙම මත දෙකම නිවැරදිය. සැමියා හා බිරිය යන දෙදෙනාගේ අනේ‍යාන්‍ය කැපවීම, එකිනෙකා පිළිබඳ මනා අවබෝධයකින් යුතු වීම හා බැඳීම මත පවුලේ සාර්ථකත්වය රඳා පවතී. ස්ත්‍රියගේත්, පුරුෂයාගේත් මනෝ විද්‍යාත්මක හා ජෛව විද්‍යාත්මක විෂමතාවන් හා විශේෂිත ලක්ෂණයන් හා වෙනස්කම් පිළිබඳව එකිනෙකා අතර හොඳ අවබෝධයකින් පසුවේ නම් සැමියා හා බිරිය අතර ඇතිවන ගැටලු අවම වී හොඳ සන්නිවේදනයක් ගොඩනැඟී ඒ තුළින් යහපත් හා ප්‍රීතිමත් පවුල් ජීවිතයක් කරා මඟ පෑදෙනු ඇත. 

(උපුටා ගැනීමකි )

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top