අනියම් රැගුම් රඟන්න ආ අනංගයා සරමෙන් මාට්ටු
Monday, 07 March 2022 - 9:15 | Views - 506
ඔහු අවිවාහක පුද්ගලයෙක් වූ අතර වයස අවුරුදු 45 ක් පමණ විය.

හෙතෙම ප්‍රදේශයේ සිටි විනෝදයට බර පුද්ගලයෙකු ලෙසට ප්‍රකට අයෙකු වූ අතර නිතරම සරම හැඳ සිටින මෙම පුද්ගලයා එම ප්‍රදේශයේම තවත් විවාහක කාන්තාවක් හා අනියම් ප්‍රේම සම්බන්ධයක් ගොඩ නඟා ගෙන තිබුණි. 
 
මෙම කාන්තාවද දෙදෙරු මවක් වූ අතර ඇගේ ස්වාමි පුරුෂයා විදෙස් ගතව රැකියාව සිදු කරයි. 
 
ඒ නිසාම ඇය මව පියා සහ බාල සහෝදරයින් සමඟ මහ ගෙදර වාසය කරන අතර මෙම මැදි වයසේ පුද්ගලයාද බොහෝ අවස්ථාවල මහ රෑ මෙම නිවසට හොරෙන් පැමිණීම පුරුද්දක් කරගෙන සිටියේය. 
 
පසුගියදා දිනෙක ඔහු නිවසට පැමිණ ඇති අතර තාප්පයෙන් පැන වත්තට ඇතුල් වීමට උත්සාහ කරන අවස්ථාවේ ඔහු හැඳ සිටි සරම බැම්මේ පැටලී නිරුවතින් බිමට වැටී තිබේ. 
 
මොහු බිමට වැටී තිබුණේ තාප්පයට හේත්තු කර තිබූ තහඩු කිහිපයක්ද පෙරලමිනි.
 
ශබ්දය කුමක්ද යන්න ඇසී නිවසේ නිදා සිටි අනෙක් අය මිදුලේ ලයිට් දමා ඇති අතර ඒත් සමඟම කලබල වූ ඔහු යළිත් ඉක්මනින්ම තාප්පයට නැග අනෙක් පසට පැන තිබේ. 
 
එහෙත් ඔහුට සරම හැඳ ගැනීමට වෙලා නොවූ අතර ඔහු සරම බැම්මේම තබා පැනගොස් තිබේ. 
 
කෙසේ වුවත් අදාළ පුද්ගලයා කවුරුන්ද යන්න නිවැසියන් හඳුනාගෙන තිබෙන අතර අදාල කාන්තාවගේ සැමියාටද මේ බව ආරංචි වී තිබේ. 
 
ඇගේ පියා විසින් ඇයට දැඩි ලෙස අවවාද කරමින් කියා තිබෙන්නේ එම සම්බන්ධය වහාම නතර කරන ලෙසයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top