දිවයින පුරා පාසල් අද ඇරඹෙයි
Monday, 07 March 2022 - 7:39 | Views - 392
දිවයින පුරා රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් අද ආරම්භ වනවා.

අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ, සිසුන් විශාල සංඛ්‍යාවක් සිටින පාසල්වල කණ්ඩායම් වශයෙන් සිසුන් කැඳවා අධ්‍යාපන කටයුතු සිදු කරන ලෙස චක්‍රලේඛයක් නිකුත් කර ඇති බවයි.

ඒ අනුව එක් පන්ති කාමරයක සිසුන් 20ත් 40ත් අතර සංඛ්‍යාවක් සිටී නම් එම පන්ති කණ්ඩායම් 2කට වෙන් කර සතියක් හැර සතියක් පැවැත්විය යුතු බව එම චක්‍රලේඛයේ සඳහන්.

සිසුන් 40ට වැඩි ප්‍රමාණයක් සිටින පන්ති, සිසුන් සංඛ්‍යාව සමාන කොටස් 3කට බෙදා වෙන් කර ඒ ඒ දිනවල හෝ සතිවල දී පැවැත්විය යුතු වනවා.
කොරෝනා තත්ත්වය සැළකිල්ලට ගනිමින් මෙම පියවරට එළඹි බවයි අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා සඳහන් කළේ.

පාසල් නිවාඩු ලබා දී තිබූ කාලය තුළ කොරෝනා ආසාදිත ළමයින්ගේ අඩුවක් පැවති අතර, යළි පාසල් ආරම්භ කිරීමත් සමඟ එම වෛරසයෙන් දරුවන් ආරක්ෂා කරගැනීමට දෙමාපියන් සහ ගුරුවරුන් සෞඛ්‍ය මාර්ගෝපදේශ සම්බන්ධයෙන් දරුවන් නිරන්තරයෙන් දැනුවත් කිරීම අත්‍යවශ්‍ය බව ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා ප්‍රකාශ කළා.

අද දිවයින පුරා පාසැල් ආරම්භ වීමත් සමඟ ඉන්ධන හිඟය හේතුවෙන් සිය වෘත්තීය කරගෙන යාමට නො හැකි තත්ත්වයක් ඇති වී තිබෙන බව අන්තර් පළාත් පාසල් ළමයින් ප්‍රවාහන සේවා සංගමයේ සභාපති රුවන් ප්‍රසාද් ප්‍රකාශ කළා.

මේ අතර උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් මධ්‍යස්ථාන ලෙස භාවිත කරන පාසල් කිහිපයක් අද සිට මේ මස 12 වන දා දක්වා වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළා.

ඒ අනුව කොළඹ රාජකීය, කෑගල්ල - කෑගලූ විද්‍යාලය , මහනුවර කිංස්වුඩ්, මහනුවර සීතාදේවි බාලිකා විද්‍යාලය, ගාල්ල විද්‍යාලෝක, බදුල්ල ඌව මහා විද්‍යාලය, රත්නපුර ෆර්ගසන් උසස් බාලිකා විද්‍යාලය මෙලෙස වසා තැබෙනු ඇති. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top