ප්‍රදේශ කිහිපයකට - රාත්‍රියේ විදුලිය බිඳ වැටෙයි
Monday, 07 March 2022 - 7:23 | Views - 524
අද දිනයේදීත් පෙරවරු 8 සිට රාත්‍රී 11 දක්වා අදියර දෙකක් යටතේ පැය හත හමාරක කාලයක් විදුලිය කප්පාදුවක් සිදු කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

මේ අතර, ඊයේ රාත්‍රියේ පානදුර, මතුගම, කැස්බෑව, කළුතර, අම්බලන්ගොඩ, හොරණ ඇතුළු තවත් ප්‍රදේශ කිහිපයකට හදිසි විදුලි බිද වැටීමක් සිදු වුණා.

කෙසේ වෙතත්, පවතින විදුලි අර්බුදය සම්බන්ධයෙන් අදත් විශේෂ සාකච්ඡාවක් විදුලිබල අමාත්‍යාංශයේ දී පැවැත්වීමට නියමිත යි.

ඒ, නව විදුලිබල ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි සහ විදුලිබල අමාත්‍යාංශයේ නිලධාරීන් සමඟයි.

ඊයේ දිනයේ දී ද විදුලි අර්බුදය සම්බන්ධයෙන් විදුලිබල අමාත්‍යාංශ නිලධාරීන්, අමාත්‍යවරියට පැහැදිලි කිරීමක් සිදු කළා.

මේ අතර, ඊයේ දිනයේදීත් ඩීසල් නො මැති වීම හේතුවෙන් ප්‍රදේශ ගණනාවක ඉන්ධනහල් අසල දිගු පෝලිම් දක්නට ලැබුණා.

එමෙන්ම දිවයිනේ සියලු පළාත් තුළ සියයට 20කින් විදුලි පාරිභෝජනය අඩු කිරීමට ආණ්ඩුකාරවරුන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ ඒ පළාත්වල පොදු ස්ථානයන්හි විදුලි පාරිභෝජනය පිළිබඳ ඊයේ මෙම සාකච්ජාව සූම් තාක්ෂණය ඔස්සේ පැවති අතර ඊට පළාත් ආණ්ඩුකාරවරුන් මෙන්ම මුදල් අමාත්‍යවරයා ද එක් වුණා.

මේ අතර තාවකාලිකව වසා දැමුණු සපුගස්කන්ද තෙල් පිරිපහදුව යලි ආරම්භ කිරීම සඳහා අවශ්‍ය බොරතෙල් බැරල් ලක්ෂ 2ක් අද ඇනවුම් කිරීමට උපදෙස් දුන් බව බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ ප්‍රකාශ කළා.

තෙල් පිරිපහදුවට අවශ්‍ය බොරතෙල් මිල දී ගැනීම සඳහා ඩොලර් මිලියන 70ක මුදලක් ලබාදීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ද මේ වනවිට හිමි ව තිබෙනවා.

ඒ අනුව සපුගස්කන්ද තෙල් පිරිපහදුව මේ මස අවසන් වීමට පෙර යළි ආරම්භ කරන බවයි ඔහු කියා සිටියේ.

හිටපු බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිලගේ උපදෙස් මත පසුගිය නොවැම්බර් 15 වැනි දා මෙම පිරිපහදුව තාවකාලිකව වසා දැමුණා. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top