
සුදු පිරියම් කළ පිළිකන්නේ බිත්තියේ අඟුරු කෑල්ලකින් ඇඳපු බලිකුරුටු ස්මරණීය මතකයක් ලෙස කාලාන්තරයක් පුරා එලෙසින්ම පැවැතුණේ එය දකින වාරයක් පාසා අතීතයේ සොඳුරු මතකයන් පෙළම සිහිගන්වන නිසයි. එසේ උපත ලබන සෑම දරුවකුම විධිමත් අධ්‍යාපනය ආරම්භ කරන මූලික පියවර වන්නේ කුරුටුගෑමයි. එය සාමාන්‍ය සරල සිද්ධියක් වුවත් එයින් දරුවාගේ මානසික සෞඛ්‍ය වගේම කායික සෞඛ්‍ය පෙන්නුම් කරන්නේ කැඩපතක් මෙනි.
සෑම දරුවකුම අවුරුදු එකහමාරක් පමණ වනවිට කුරුටුගෑමට පටන් ගනියි. එය ස්වභාවධර්මයෙන්ම දරුවන්ට ලැබී තිබෙන සහජ දායාදයකි. මෙය සෑම දරුවකුටම පොදු වූ තත්ත්වයක් වුවත් ඇතැම් මවුපියන් එය වරදවා වටහා ගන්නේ චිත්‍ර ශිල්පයට තම දරුවා පමණක් දක්ෂ බවයි. ඒ නිසාම චිත්‍ර පන්ති දැමීමට පවා මවුපියෝ පෙලඹෙන්නේ එකී වැරැදි වැටහීම තුළයි. සාමාන්‍යයෙන් සෑම ක්‍රියාකාරකමක්ම ප්‍රථමයෙන් කරන්නේ ගැහැනු දරුවොයි. පිරිමි දරුවන් වයස අවුරුදු 5 පමණ වනතෙක් කරන සෑම ක්‍රියාකාරකමක්ම සිදුකරන්නේ ගැහැනු දරුවන්ට සාපේක්ෂව මාස 6ක් පමණ ප්‍රමාදවයි.
යම් දරුවකු මුලින්ම කුරුටුගාන්නේ අතේ බාහුව චලනය කරමින් විශාල බෝල හා ඉරි කැබලියි. එසේ කුරුටුගෑමේදී එක් කොළයකට තම චිත්‍රය සීමාකිරීමට තරම් අවකාශ බුද්ධියක් ඔවුන් සතු නොවෙයි. ඔවුන් බිත්තිවල, බිම හා විශාල හිස් අවකාශවල කුරුටුගෑමට පෙලඹෙන්නේ එකී තත්ත්වය තුළයි. එකී වයස් සීමාවන්හිදී ලොකු ඩිමයි කොළ බිත්තියේ අලවා දීමෙන් දරුවාට පහසුවෙන් කුරුටුගෑමට අවකාශ ලැබෙනවා සේම නිවෙසේ අලංකාරයටද එය බාධාවක් වන්නේ නැත.
දරුවන් කුරුටුගෑමේ අවධීන් අනුව කොටස් 3කට බෙදා වෙන්කළ හැකියි. එහිදී මුලින්ම අපට දැකගන්න ලැබෙන්නේ අවිධිමත් කුරුටුගෑමයි. බාහුව එහාට මෙහාට යවමින් ඔහේ කුරුටුගෑමක් දරුවා සිදුකළත් එයින් යම් චින්තනයක් ප්‍රකාශ කරයි. යම් කුරුටුගෑමකදී මේ අඳින්නේ කුමක්දැයි ඔහුගෙන් හෝ ඇයගෙන් විමසුවොත් දරුවාට පැහැදිලි අදහසක් ඒ සම්බන්ධයෙන් පවතියි. එසේ කුරුටුගෑම දරුවාගේ බුද්ධි වර්ධනයට සහජයෙන් අත්වැල් සපයයි. එයින් මානසික ක්‍රියා 3ක් ඉටුවෙයි. එනම් නිරීක්ණය, සංරක්ෂණය හා ප්‍රකාශනයයි.
දරුවකු යම් චිත්‍රයක් ඇඳීමට නම් ඔහු හොඳ නිරීක්ෂකයකු විය යුතුයි. ඇතැම් විට නිරීක්ෂණය තුළින් දරුවාගේ සිතට කාවදින සියුම් දෙයක් පවා චිත්‍රයෙන් ඉස්මතු කිරීමට ඔවුන් යොමුවෙයි. යම් නිරීක්ෂණයකින් ඔහු හෝ ඇය එම නිරීක්ෂණය කළ වස්තුවේ හැඩය, වර්ණය පිළිබඳව යම් අදහසක් ලබා ගනියි. එකී අදහස මොළයේ සංරක්ෂණය කර ගැනීම මතකයයි. ඔහු හෝ ඇය. එසේ මතකයේ රඳවාගත් දෙය ඇඳීම ප්‍රකාශන ශක්තියයි. මෙම ත්‍රිත්ව අංශයන්ගේ එකමුතුව හඳුන්වන්නේ ස්මෘතිය නමිනුයි. එය මොළය වර්ධනය වීමේ මූලික පදනමයි.
යම් දරුවකු වයස අවුරුදු දෙක වනවිට අනිවාර්යයෙන්ම කුරුටුගෑම ආරම්භ කළ යුතුය. එසේ වසර තුනක් ගතවනතෙක් ඔහු හෝ ඇය කුරුටුගෑම නොකළහොත් එයින් හැඟවෙන්නේ දරුවාගේ බුද්ධි සංවර්ධනය නොවූ බවකි. ඒ නිසා එවන් දරුවන්ව වෛද්‍ය පරීක්ෂණයකට යොමුකර සංකූලතාව පිළිබඳ නිර්ණය කිරීම වැදගත්ය. බොහෝ විට එවන් තත්ත්වයන් පැනනඟින්නේ ශාරීරික වර්ධනයට සාපේක්ෂව මානසික වර්ධනය සිදුනොවන විටයි. එවන් දරුවන් එකී කාලය වනවිට වචන ප්‍රකාශනය අඩුවීමටද පුළුවන. ඇතැම් දරුවන්ගේ වචන ප්‍රකාශනය ප්‍රබල වුවත් ඔවුන් කුරුටුගෑමට යොමු නොවන්නේද යම් මානසික සංකූලතා තත්ත්වයන් පැන නැඟුණුවිටයි. දරුවන්ගේ ශාරීරික වර්ධනය පිළිබඳ අඩුපාඩු හඳුනාගත හැකිවුවත් මානසික සංකූලතා හඳුනාගත හැකි එකම කැඩපත කුරුටුගෑමයි.
වයස අවුරුදු 2 1/2ක හා 3 කාලය තුළ දරුවන්ගේ මනස ශීඝ්‍රයෙන් වර්ධනය වන නිසා ඔවුන් විවිධ ක්‍රියාකාරකම්වලට පෙලඹෙනවා සේම ගෙවල් උඩු යටිකුරු කරනවා යැයි මවුපියන්ගෙන් බැනුම් ඇසීමටද සිදුවෙයි. එකී කාලය තුළ දරුවන් එසේ විවිධ ක්‍රියාකාරකම් සඳහා යොමුවන්නේ එය කුතුහලයෙන් පිරී තිබෙන කාලයක් නිසයි. එකී අත්හදාබැලීම් තුළින් ඔවුන්ගේ මනස ශීඝ්‍රයෙන් වර්ධනය වෙයි.
මීට අමතරව කුරුටුගෑම තුළින් දරුවාගේ ඉන්ද්‍රීය සමායෝජනය සිදුවෙයි. මෙහිදී ඇස, මනස, අත යන ඉන්ද්‍රීයන් එක්ව ක්‍රියා කිරීම අරඹයි. ඒ නිසාම කතුරුවලින් කැපීම, මඩ ඇනීම, පස්වලින් සෙල්ලම් කිරීම වැනි විවිධ ක්‍රියාකාරකම් සඳහා දරුවන් යොමුවෙයි. මෙම සියලු ක්‍රියාකාරකම් තුළින් දරුවන්ගේ මනස වැඩී වර්ධනය වන නිසා එය වැළැක්වීම කිසිවිටකත් සුදුසු නොවේ. මෙම ක්‍රියාකාරකම් සිදුකරන අතරවාරයේ දරුවන් තරමක් සංයමයකින් යුතුව කුරුටු ගෑමට යොමුවෙයි. එය විධිමත් කුරුටුගෑමයි. විධිමත් කුරුටුගෑමේදී දරුවන්ගේ චිත්‍ර තුළ රවුම්, කොටු, හතරැස් හැඩතල පැහැදිලිව දැක ගැනීමට පුළුවන.
ඒවගේම අඩි රූලක් ආධාරයෙන් ඉරිගැසීම, බෙලෙක්ක පියන් තබා රවුම් ඇඳීම ආදී ලක්ෂණයන් මේ කාලය තුළ දැක ගැනීමට පුළුවන. අවුරුදු 2 1/2ක හා අවුරුදු 3ක කාලය තුළ මෙම විධිමත් කුරුටුගෑම දැකගත හැකි අතර අවුරුදු 3 පසුවන විට සංකීර්ණ කුරුටු ගෑමට දරුවා හුරුවෙයි. අවිධිමත් කුරුටුගෑමේදී දරුවා මැණික් කටුව හා අත චලනය කළත් සංකීර්ණ කුරුටු ගෑමේදී ඔවුන් ඇඟිලි චලනය කිරීමට හුරුවෙයි. එවිට දරුවා ලොකු රූප ඇඳීමටවත්, බිත්තිවල කුරුටුගෑමටවත් පෙලඹෙන්නේ නැත. එකී කාලයේදී ඔවුන් ඇඟිලි හසුරුවමින් මනාව පැන්සල හෝ පෑන ග්‍රහණය කර රූප ඇඳීමට පෙලඹෙයි. මෙය අකුරු ලිවීමේ මූලික අවස්ථාවයි. මෙම සංකීර්ණ කුරුටුගෑම් දිගින් දිගටම කරන විට දරුවන්ට අකුරු ලිවීමට මූලික පුහුණුවීම ලැබෙයි.
( උපුටා ගැනීමකි )
50 Views
215 Views
116 Views
102 Views
83 Views
100 Views
97 Views
68 Views
144 Views
83 Views
105 Views
172 Views
202 Views
669 Views