අහිමි වූ ඇමති ධූරය නැවතත්
Friday, 04 March 2022 - 14:33 | Views - 1,002
හිටපු රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු යළි සිය අමාත්‍ය ධුරයෙහි පිහිටුවාලීමට කටයුතු කර තිබෙනවා.

ඒ අනුව යළි අමාත්‍යවරයා විසින් කටයුතු කළ පොල්,කිතුල්,තල් හා රබර් වගාප්‍රවර්ධන සහ කාර්මික භාණ්ඩ නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යාංශයේ සියලුම රාජකාරී කටයුතු ඔහුට ලබාදීමට තීරණය කෙරුණා.

රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු හට සිය ධුරය අහිමි වීමට බලපෑ ප්‍රධානතම සිද්ධිය වූයේ පෙබරවාරි මස රාගම වෛද්‍ය පීඨ තෙවන සහ සිව්වන වසර විද්‍යාර්ථීන් පිරිසක් අතර ඇති වූ කළහකාරී සිද්ධියයි.

එහිදී අමාත්‍යවරයාගේ පුත්‍රයාව අත් අඩංගුවට ගැනුණේ, වෛද්‍ය ශිෂ්‍යයින් පහරදීමට මුල් වූ ප්‍රධාන සැකකරු වශයෙනි.

මෙම තත්ත්වය මත රාජ්‍ය අමාත්‍යවරයාගේ අමාත්‍යාංශයට අයත් පොල් සංවර්ධන අධිකාරියේ රාජකාරි වාහනයක් ද පහරදීමට පැමිණි ස්ථානයේ තිබී සොයා ගැනුණා.

මේ හේතුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දැනුම්දෙනු ලැබුවේ සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදු කර නිසි ප්‍රතිඵල එන තෙක් සිය අමාත්‍යාංශයෙන් ඉල්ලා අස්වීමට කටයුතු කරන ලෙසයි.

ඒ අනුව රාජ්‍ය අමාත්‍යවරයා සිය රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වූ අතර, සිද්ධිය පිළිබඳ වාර්තාවක් කැඳවීමට ජනාධිපතිවරයා විසින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ සභාපතිත්වයෙන් සහ මහින්දානන්ද අලුත්ගමගේ සහ වෛද්‍ය රමේෂ් පතිරණගේ සාමාජිකත්වයෙන් යුත් විමර්ශන කමිටුවක් පත් කරනු ලැබුවා.

එහි නිර්දේශ ඇතුළත් වාර්තාව ජනාධිපතිවරයාට ඊයේ (03) පස්වරුවේ දී පිළිගැන්වුණු අතර, එම නිර්දේශවලට අනුව රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දුගේ පුත්‍රයා අදාළ සිද්ධියට සම්බන්ධ වුව ද, අමාත්‍යවරයාගේ කිශ්ඩු අනුදැනීමක් හෝ අතපෙවීමක් එම සිද්ධියට නොමැති බවයි කමිටුව මගින් නිර්දේශ කෙරුණේ.

මෙම තත්ත්වය මත අරුන්දික ප්‍රනාන්දු හට යළි සිය රාජ්‍ය අමාත්‍ය ධුරය අද (04) හිමිවුණා.

මේ අතර වනජීවී රාජ්‍ය අමාත්‍ය ධුරයෙහි කටයුතු කළ විමලවීර දිසානායක හට ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය ධුරය හිමිව තිබෙනවා.

මෙම පත් කිරීම අද පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසිනුයි සිදු කර ඇත්තේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top