රොකට් කොටසක් - සඳ මතට
Friday, 04 March 2022 - 13:54 | Views - 234
අභ්‍යවකාශ ගත කරනු ලැබූ රොකට්ටුවකින් ඉවත් වූ කොටසක් සඳ මතට කඩා වැටීමට නියමිතව තිබෙනවා.

ඊට තවත් ඇත්තේ පැය කිහිපයක් බවයි ජනවාරි මාසයේ දී මේ පිළිබඳ මුලින්ම අනාවැකි පළ කළ විද්‍යාඥයෝ පවසන්නේ.

පැයට සැතපුම් 5,800ක වේගයෙන් අභ්‍යවකාශය හරහා ගමන් කරන ටොන් තුනක් බරැති රොකට් කොටස අද (04) දහවල් කාලයේ දී සඳ මතට වැටෙනු ඇතැයි අපේක්ෂිතයි.

තාරකා විද්‍යාඥයන් මුලින්ම විශ්වාසය පළ කළේ රොකට් කොටස එලොන් මස්ක්ගේ SpaceX වැඩසටහන මගින් යවනු ලැබූ රොකට්ටුවක කොටසක් බවයි.

පසුව එය චීනය මගින් යොමු කළ එකක් බවට පැවසුන ද චීනය එය ප්‍රතික්ෂේප කර තිබුණා.

මෙම රොකට් කොටස කඩා වැටීමෙන් සඳ මතට සුළු බලපෑමක් ඇතිවන බවටයි අපේක්ෂා කෙරෙන්නේ.

විද්‍යාඥයින් බලාපොරොත්තු වන්නේ මීටර් 10-20ක් පළල ආවාටයක් මෙම රොකට් කොටස කඩා වැටීමෙන් සඳ මත ඇති වනු ඇති බවටයි.

2015 වසරේ මාර්තු මාසයේ දී මෙම රොකට් කොටස පෘථිවියේ සිට මුලින්ම දර්ශනය වී තිබුණා.

නාසා ආයතනය විසින් ඇරිසෝනා ප්‍රදේශයේ සිදු කරන ලද අභ්‍යවකාශ සමීක්ෂණයකින් එය නිරීක්ෂණය කළ අතර මෙය ග්‍රහකයක් නොවන බව හෙළිවීමත් සමග ඒ පිළිබඳ පැවති අවධානය අඩු වුණා.

රොකට් කොටස් යනු අභ්‍යවකාශ කසළ ලෙස හැඳින්වෙනවා.

අභ්‍යවකාශ ගමනින් පසු පෘථිවියට ආපසු යාමට ප්‍රමාණවත් ඉන්ධන හෝ ශක්තියක් නොමැතිව මෙහෙයුම් චන්ද්‍රිකාවලින් ඉවතලන දෘඩාංග, ඇතැම් කොටස් මෙලෙස කඩා වැටීමට ලක් වනවා.

ඒවායින් සමහරක් යළි පෘථිවියට කඩා වැටීමට ලක්වම අතර ඇතැම් විට, මෙම රොකට් කොටස මෙන්, පෘථිවි වායුගෝලයෙන් බොහෝ දුරින් ඉහළ කක්ෂයක සැතපුම් දහස් ගණනක් ඈතින් ද ඒවා කඩා වැටී විනාශ වනවා.

යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සිය ගණන් බලා ඇත්තේ කරන්නේ දැනට සෙන්ටිමීටර 10ට වඩා විශාල අභ්‍යවකාශ කසල කැබලි 36,500ක් ඇති බවයි.

කිසිදු අභ්‍යවකාශ වැඩසටහනක් හෝ විශ්ව විද්‍යාලයක් අභ්‍යවකාශ කසළ පිළිබඳව විධිමත් ලෙස නිරීක්ෂණය නොකරන බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

පෘථිවියෙන් ඉහළ කක්ෂයේ සුන්බුන් වලින් මිනිසුන්ට ඇති වන අවධානම ද ඉතා අඩුයි.

එබැවින්, ඒවා ගණනය කිරීම් සහ ඇස්තමේන්තු කිරීම සඳහා ස්වේච්ඡා තාරකා විද්‍යාඥයින් කටයුතු කරනවා. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top