හෙට ජල කප්පාදුවක්
Friday, 04 March 2022 - 12:58 | Views - 635
හෙට (05) පෙරවරුවේ කොළඹ නගරයේ ප්රදේශ කිහිපයක ජල කප්පාදුවක් සිදු කිරීමට නියමිත බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය දැනුම්දෙනවා.
ඒ අනුව හෙට උදෑසන 08 සිට පැය 14ක කාලයක් ජල කප්පාදුව සිදු කෙරුනු ඇති.
ජල කප්පාදුව සිදු කෙරෙන ප්රදේශ ලෙස කොළඹ 07,08,10,12,13,14 සහ 15ට ජලය සැපයෙන්නේ නැති බව ද එම නිවේදනයේ සඳහන්.
නමුත් කොළඹ 02,03 හා 11ට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙනු ඇති.
Share This Article