ගිනිකොණදිග බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති පීඩන අවපාතය ඉදිරි පැය 48 තුළ ඉන්දියාවේ උතුරු තමිල්නාඩු වෙරළ දෙසට ගමන් කරනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
මෙහි බලපෑමෙන් උතුර, උතුරුමැද, නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකියි.
එමෙන්ම දකුණු, මධ්‍යම සහ ඌව පළාත්වලත්, රත්නපුර දිස්ත්‍රික්කයේත් මිලිමීටර 50ට වැඩි වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
මෙම පීඩන අවපාතය හේතුවෙන් මන්නාරමේ සිට කන්කසන්තුරය, ත්‍රිකුණාමලය සහ මඩකලපුව හරහා හම්බන්තොට දක්වා වන වෙරළට ඔබ්බෙන් ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතුවල නොයෙදෙන ලෙසයි එමඟින් දැනුම් දෙන්නේ.