කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශක ඊයේ කැපී පෙනෙන ලෙස පහත වැටුණු අතර, පොලී අනුපාත ඉහළ නංවනු ඇතැයි අපේක්ෂා පළ වීම ඊට හේතුව බව වෙළෙඳපොළ විශ්ලේෂකයන් පෙන්වා දෙනවා.
සමස්ත මිල දර්ශකය ඊයේ ඒකක 234.68කින් පහත වැටී සටහන් වූයේ 11,162.66ක් ලෙස යි.
එස්.ඇන්ඩ්.පී ශ්රී ලංකා ටුවෙන්ටි දර්ශයකද ඒකක 95.25කින් පහත වැටී 3,765 ක් ලෙස සටහන් වුණා.
කොටස් වෙළඳපොලේ ඊයේ දිනයේ මුළු පිරිවැටුම රුපියල් බිලියන 2ක්.