අද විදුලිය කැපෙන්නේ මෙහෙමයි
Friday, 04 March 2022 - 8:16 | Views - 2,257
අදත් පැය හත හමාරක විදුලි කප්පාදුවක් සිදු කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

එහි මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෲ නවමනි හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමක දී කියා සිටියේ, අක්‍රිය වූ බලාගාර සඳහා ප්‍රමාණවත් ඉන්ධන නො ලැබීම හේතුවෙන් මෙලෙස අදත් විදුලිය කප්පාදු කිරීමට සිදු වන බවයි.

ඒ අනුව ඊයේ දිනයේ දී සිදු කළ කාල පාරාසයන් මත එම කාණ්ඩ යටතේ ම අද දිනයේත් විදුලි කප්පාදුව සිදු වනු ඇති.

කෙසේ වෙතත්, මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක සඳහන් කළේ, ඊයේ පෙරවරුවේ විදුලිය කප්පාදු කළ ප්‍රදේශවලට අද පස්වරු කාලයේ දී සහ ඊයේ පස්වරුවේ විදුලිය කප්පාදු කළ ප්‍රදේශවලට අද පෙරවරුවේ දී විදුලිය කප්පාදුව සිදු කරන බවයි.
 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top