අදත් පැය හත හමාරක විදුලි කප්පාදුවක් සිදු කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.
එහි මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෲ නවමනි හිරු ප්රවෘත්ති අංශය කළ විමසීමක දී කියා සිටියේ, අක්‍රිය වූ බලාගාර සඳහා ප්‍රමාණවත් ඉන්ධන නො ලැබීම හේතුවෙන් මෙලෙස අදත් විදුලිය කප්පාදු කිරීමට සිදු වන බවයි.
ඒ අනුව ඊයේ දිනයේ දී සිදු කළ කාල පාරාසයන් මත එම කාණ්ඩ යටතේ ම අද දිනයේත් විදුලි කප්පාදුව සිදු වනු ඇති.
කෙසේ වෙතත්, මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක සඳහන් කළේ, ඊයේ පෙරවරුවේ විදුලිය කප්පාදු කළ ප්‍රදේශවලට අද පස්වරු කාලයේ දී සහ ඊයේ පස්වරුවේ විදුලිය කප්පාදු කළ ප්‍රදේශවලට අද පෙරවරුවේ දී විදුලිය කප්පාදුව සිදු කරන බවයි.