අඩු පීඩන කලාපයක බලපෑම හේතුවෙන් දිවයිනේ උතුර, උතුර මැද, නැගෙනහිර, ඌව, මධ්‍යම පළාත්වලට සහ මාතලේ දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් සියය ඉක්ම වූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එමෙන්ම, නිරිතදිග බෙංගාලබොක්ක සහ ගිනිකොණදිග බෙංගාල බොක්ක ආශ්රිත ව පවතින අඩු පීඩන කලාපය හෙට සහ අනිද්දා ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළ ආසන්නයෙන් ගමන් කරනු ඇති බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.
කෙසේ වෙතත් වර්ෂාව සම්බන්ධ පුරෝකතනයත් සමඟ අස්වනු නෙලීම සඳහා අනිසි කලබලයකට පත්වීමේ අවශ්‍යතාවක් නො මැති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ ඒකකයේ අධ්යක්ෂ ඉංජිනේරු ඩී. අබේසිරිවර්ධන ප්‍රකාශ කළා.