ලංකාව රුසියාවෙන් ණයක් ඉල්ලයි
Thursday, 03 March 2022 - 7:31 | Views - 201
ඉන්ධන, ගෑස් සහ ගල් අඟුරු මිල දී ගැනීම සඳහා ශ්‍රී ලංකාව රුසියාවෙන් ඩොලර් මිලියන 300ක ණය පහසුකමක් ඉල්ලා තිබෙනවා.

මේ අතර, මෙරටට පැමිණි මෙටි්‍රක් ටොන් 37,300ක ඩීසල් රැගත් නෞකාවේ ඉන්ධන ඊයේ  දිනය තුළ මුතුරාජවෙල තෙල් ගබඩා පර්යන්තය වෙත නිකුත් කෙරුණා .

බලශක්ති අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක මෙන්ම අතිරේක ලේකම් චාමින්ද හෙට්ටිආරච්චි කියා සිටියේ, අද දිනයේදී ද තවත් ඩීසල් රැගත් නෞකාවක් දිවයිනට ළඟාවීමට නියමිත ව ඇති බවයි.

මීට අමතර ව තවත් ඉන්ධන නෞකා කිහිපයක් මේ මස 06, 09 සහ 12 යන දිනවල මෙරටට පැමිණීමට නියමිතයි.

ඛනිජ තෙල් සංස්ථාවේ තොග ගබඩා පර්යන්තයේ සභාපති නාලක පෙරේරා කියා සිටියේ, මේ වනවිට පෙට්‍රල් මෙටි්‍රක් ටොන් 40,000ක් පමණ සංස්ථාව සතුව පවතින බවයි.

ඒ හේතුවෙන් ඉන්ධන සම්බන්ධයෙන් අනවශ්‍ය බියක් ඇතිකරගත යුතු නැතැයි ද ඔහු ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, දිවයින පුරා පිහිටි ඉන්ධන පිරවුම්හල් අසල ඊයේ දිනයේත් දිගු පෝලිම් දක්නට ලැබුණා.

මේ අතර, අදත් දිවයිනට ම බලපැවැත්වෙන පරිදි පැය 7යි විනාඩි 30ක විදුලි කප්පාදුවක් සිදු කෙරෙන බව මහජන උපයෝගිතා කොමිසම දැනුම් දෙනවා.

එමෙන්ම අඛණ්ඩ විදුලි සැපයුමට පියවර ගන්නැ යි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වගකිව යුතු සියලු පාර්ශවවලට උපදෙස් ලබා දී තිබෙනවා.



Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top