රුසියානු යුක්රේන යුධ ගැටුමෙන් ලංකාවට වෙන දේ (Video)
Thursday, 03 March 2022 - 7:24 | Views - 420
රුසියානු යුක්රේන යුධ ගැටුම පිටු පස සිටින්නේ ඇමරිකාව බව රුසියාවේ හිටපු තානාපති උදයංග විරතුංග පවසනවා.
යුක්රේනය අද මේ තත්වයට පත්ව සිටින්නේ ඇමරිකාවේ ලනු ගිලලා බවද ඔහු පෙන්වා දෙනවා.
හිරු ප්රවෘති සමඟ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පැවැසුවා.
යුක්රේන ජනාධිපතිවරයා බලාපොරොත්තු වුණේ රුසියාව තමන්ට ප්රහාරයක් එල්ල කරනවිට ඔවුන් සමඟ බටහිර රටවල් සිට ගනීවි කියලයි නමුත් තවමත් බටහිර රටවල් ඔවුන්ට උදව්කර නොමැති බව පෙන්වා දෙන උදයංග වීරතුංග මෙම ගැටුම ඉක්මනින් අවසන් නොවෙන බවද පෙන්වා දෙනවා.
තුන්වම ලෝක යුද්ධයක් දක්වා මෙම ගැටුම වර්ධනය වෙයිද? මෙම ආරවුලෙන් ලංකාවට තිබෙන වාසියක් පිළිබඳව ද උදයංග හිරු ප්රශ්න කිරීම් හමුවේ අනාවරණය කළා
යුක්රේනයෙන් සංචාරකයින් මෙරටට ගෙන්වීමට ඔහු මැදිහත් වුණු හේතුව සහ ඒ හරහා ඔහුට ලැබෙන ආදායම පිළිබඳව ද මෙහිදී ප්රශ්න කෙරුණා.
පසුගිය රජය කාලයේ උදයංග වීරතුංග ට එරෙහිව ගොනු කෙරෙමින් පැවති මිග් යානා ගණුදෙනුව සම්බන්ධ නඩුව යට ගිය හැටිද මෙම සාකච්ඡාවේදී වැඩි දුරටත් හෙළිදරව් වුණා.
Share This Article