හදිසි කෝපය ඔබටත් ප්‍රශ්නයක් ද ? එසේ නම් දැනගන්න
Tuesday, 01 March 2022 - 14:57 | Views - 786

සෑම කාන්තාවක්ම කැමති හැමදාමත් තරුණ පෙනුම රැකගෙන ලස්සනට ඉන්න. නමුත් එයාලට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි තරහ පාලනය කරගන්න බැරි එක. කතාවක් තියෙනවනේ තරහ යන අය ඉක්මනට වයසට යනවා කියලා. ඒකට හේතුව තමයි තරහ යන අවස්ථාවකදී විශාල වශයෙන් සිරුරේ රසායනික වෙනස් වීම් සිදුවීම. මෙයින් ඔබේ ශාරිරයට වගේම මනසටත් විශාල හානියක් වෙනවා. ඉතින් ඒ නිසා අද අපි ඔයාව දැනුවත් කරන්න සුදානම් වෙන්නේ ඔයාට තරහ පාලනය කරගන්න බැරි අවස්ථාවක කරන්න ඕන දේවල් 5ක් ගැනයි.

1.ඔබට තරහ යන දේවල් වලින් ඉවත් වෙන්න

කිසියම් අවස්ථාවක ඔබේ හිතට තරහක් ගෙන දෙන සිද්ධියක්, ස්ථානයක් හෝ පුද්ගලයෙක් සමීපයේ ඔබ සිටිනවා නම් ඉක්මනින්ම එයින් ඈත් වෙන්නට වගබලා ගන්න. එය අමතක කිරීම අසීරු නම් ඔබේ අවධානය ඔබ කැමති දෙයකට හෝ කැමති පුද්ගලයෙක් වෙත යොමු කරන්න. එයින් ඔබට තරමක් දුරට හෝ තරහව පාලනය කරගන්නට හැකිවේවි.

2.ඉවසීම පුහුණු කරන්න

ඔබේ තරහවට ප්‍රධානම හේතුව තමයි හික්මීම නැතිකම. ඒ නිසා මුලින්ම ඔබ ඉවසීම පුහුණු කිරීම වැදගත් කාරණයක්. එය කළ හැක්කේ ඔබේ උත්සාහය මතම පමණයි. මේ නිසා ඔබට තරහ යන සිද්ධි වලදී ඔබේ හැඟීම් පාලනය කරගනිමින් සන්සුන් වෙන්න උත්සහ දරන්න.

3.වතුර බොන්න

ඔබට තරහ ගියවිට වතුර පානය කිරීමෙන් ඔබේ සිරුරේ උණුසුම පාලනය කරනවා.  ඉතින් මේ නිසා තරහ ගිය අවස්ථාවක ඔබ සිසිල් වතුර වීදුරුවක් පානය කිරීම මඟින් ඔබේ තරහ පාලනය  කරගැනීමට විශාල සහනයක් වෙනවා.

4.10 – 01 දක්වා ගණන් කරන්න

තරහ පාලනය කරගන්න බොහොම ජනප්‍රිය ක්‍රමයක් තමයි මේක. මෙයින් සිද්ධ වන්නේ පාලනයෙන් තොර වූ ඔබේ මනස නැවතත් සන්සුන් කරගැනීමට අවශ්‍ය වටපිටාවක් ඔබට සකසා දෙන එකයි. මෙම සාර්ථක ක්‍රමය මඟින් ඉක්මනින් ඔබේ මනස පාලනය කර ගැනීමට හැකියාව ලැබෙනවා.

5.කෝපය සාධාරණීකරණය කරන්න එපා

මුලින්ම කෝපය පිට කිරීමෙන් පමණක් ප්‍රශ්න විසඳෙන්නේ නැතිබව ඔබ අවබෝධ කරගත යුතුයි. අනික එයා සාධාරණීකරණය කිරීමෙන් සිදුවන්නේ දිගින් දිගටම ඔබ තරහ ගැනීමයි. එවිට ඔබ කෝප ගැනීම ජීවිතේ පුරුද්දක් බවට පත්වෙනවා. එසේ වීමෙන්අනිවාර්යෙන්ම ඔබ ජීවිතේ අසාර්ථක පුද්ගලයෙකු බවට පත්වෙනවා.

 
( උපුටා ගැනීමකි )
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top